සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ක්‍රමය ජුලි මස සිට ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක් සමෘද්ධි ඇතුළු සුබසාධක ප්රතිලාභ ලැබු ඇතැම් අයට එම ප්රතිලාභ අහිමිවීමේ ඉඩක් ඇති බවත්, ස්ථීර ආදායමක් තිබීම, “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ සඳහා අයදුම් නොකිරීම වැනි කරුණු ඊට හේතු විය හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.
එවන් අයෙකු සිටි නම් ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කළ විගස ඒ බව අභියාචනයක් මගින් ඉදිරිපත් කිරීමට හෝ ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය,
“ජිවත්වීම සඳහා මූල්‍ය අධාර අවශ්‍ය ඇතමුන් මේ වන විටත් ක්‍රියාත්මක සුබසාධක ප්රතිලාභ ගෙවීම් වැඩසටහන්වලට ඇතුළත්ව නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා. දැනට සමෘද්ධි වැනි ප්රතිලාභ ලබන අය අතර දේශපාලන බලපෑම් මත ඇතුළත් කළ පිරිස් සිටින බවටත් චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවලට විසදුම් ලබා දෙමින් සමාජය විසින් රැකබලා ගත යුතු අයට අධාර ලබාදීමේ අරමුණින් තමයි මේ “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළේ. මේ සඳහා සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ගිය අගෝස්තු මස සිට අයදුම්පත් කැඳවූවා. එහිදී ලක්ෂ 37 කට වැඩි පිරිසක් අයදුම්පත් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් අස්වැසුම මොබයිල් ඇප් එක ඔස්සේ තවදුරටත් ඔවුන්ගේ අදායම් – වියදම් ගැන දත්ත ලබා ගෙන තිබෙනවා.”
“මේ අනුව එම දත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පත් කළ විශේෂ කමිටුවක් තුළින් තවදුරටත් සත්‍යාපනය කරනවා. අනතුරුව “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලත් අයගේ ලැයිස්තුව සෑම ග්‍රාම නිලධාරි කාර්යාලයකම වගේම සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ (https://www.wbb.gov.lk/ ) ප්‍රදර්ශනය කරනවා. එහිදී අයදුම් කළ කෙනෙකුගේ නම නොමැති නම් හෝ ආධාර ලැබීමට නුසුදුසු අයෙකු සිටිනවා නම් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ප්රතිලාභ ලැබිය යුතු කිසිවකු අත්නොහැරෙන ආකාරයට තමයි මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. එය තමයි මෙහි විශේෂත්වය. ඒ වගේම පළමු වතාවේ අයදුම්පත් ඉදිරිපත් කරන්න නොහැකි වුණා නම් ජුලි මාසයෙන් පසුව දෙවැනි අදියර මගින් අයදුම්පත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඒ බව අපි පුවත්පත් හා මාධ්‍ය මගින් දැනුම්වත් කරනවා.”
මේ අනුව ඉහළ අදායම් ලබමින් විවිධ හිතවත්කම් මත සමෘද්ධි ඇතුළු සුබසාධක ප්රතිලාභ ලබාගත් අය ස්වයංක්‍රියව පද්ධතියෙන් ඉවත් වෙන බවද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??