බැසිල් පුටුවෙන් වැටිලා බෙල්ල උළුක් වෙලා ලු

Date:

අයථා ලෙස උපයන ලද රුපියල් ලක්ෂ 500ක මුදලක් යොදවා මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂට විදේශගත වීම සඳහා අධිකරණය අවසර ලබාදී ඇත්තේ 2024 සැප්තැම්බර් 18 වනදා සිට 2025 මැයි 23 දක්වා පමණක් බැවින් ඔහුගේ ඇප අවලංගු කර, ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසයි.

එහිදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ තම සේවාදායකයා ඇමරිකාවේ සිටියදී පුටුවකින් ඇද වැටීම හේතුවෙන් ගෙල සහ ස්නායු ආශ්‍රිත ආබාධ මතුවී ඇති බවයි.

“ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට එන්න ගුවන් ටිකට් පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇඳ වැටිලා අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා”

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ “ස්වාමිනි, මේ X Ray වාර්තා බලපුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියලා වෛද්‍ය නිර්දේශයක් තිබුණානම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමිනි මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

එහිදී බැසිල්ගේ නීතීඥවරයා පැවසුවේ අදාළ වෛද්‍ය වාර්තා අසත්‍ය ඒවා නොවන බවත් තම සේවා දායකයා මීළඟ නඩු වාරයේදී අධිකරණයේ පෙනී සිටිනු ඇති බවත් ය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා “මේ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සලකා බැලෙන නඩුවක්. එකී කාලය පුරාවටම සැකකරු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. ඒ නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනීසිටින ලෙස සැකකාර බැසිල් රාජපක්ෂට නියෝග කරනවා” යැයි නියම කළේය.

නඩුව නොවැම්බර් 21 වනදා යළි කැඳවීමට නියම කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිස්ටම් චේන්ජ් කියන්නේ අධිකරණ තීන්දු දේශපාලන යූටියුබ්කරුවන් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීමද ? – සජිත් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක...

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...