නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සිය ධුරයේ වැඩ භාර ගනියි

Date:

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය 2022 මැයි 23 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා ය. එතුමිය 2022 මැයි 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලදි.

වැඩභාර ගැනීමෙන් අනතුරුන පැවති චාම් උත්සවයතින් අනතුරුව විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල නිලධාරීන් ඇමතීය.

විජේවර්ධන මහත්මිය වසර 34 ක් මුළුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ සාමාජිකාවකි. එතුමිය සිය වෘත්තීය  කාලය  තුළ  කොළඹ  විදේශ  කටයුතු  අමාත්‍යාංශයේ  බොහෝ  තනතුරු හොබවා  ඇත. තවද, ජිනීවාහි  එක්සත්  ජාතීන්ගේ  ශ්‍රී  ලංකා  නිත්‍ය  නියෝජිත  කාර්යාලයේ මැලේසියාවේ  ශ්‍රී  ලංකා  මහකොමසාරිස්  කාර්යාලය  සහ  පිලිපීනයේ ශ්‍රී  ලංකා  තානාපති  කාර්යාලය  යනාදී විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවලද එතුමිය සේවය කොට ඇත. එතුමිය  ඔස්ට්‍රියාවේ  තානාපතිනිය සහ වියානාවේ පිහිටි එක්සත්  ජාතීන්ගේ  සංවිධානවල නිත්‍ය නියෝජිතවරිය වශයෙන් ද සේවය කළා ය.

අමාත්‍යාංශයෙන් ලද  පත්වීම අනුව  අරුණි  විජේවර්ධන  මහත්මිය  වියානාහි  ජාත්‍යන්තර  පරමාණුක  බලශක්ති  ආයතනයට (IAEA)  අයත්  ප්‍රතිපත්ති  සම්පාදන  ආයතනයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළා ය.

බ්‍රිතාන්‍යයේ චෙව්නින්ග්  විද්‍යාර්ථිකයකු වූ එතුමිය, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් සිය දර්ශනපති උපාධිය ලබා ගත් අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා ය. විවාහක එතුමිය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 23 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...