ආහාර උද්ධමනය 45% කින් ඉහළට

ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 45.1% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේදී 23.9% ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 29.5% ක් ලෙස පැවති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 14.5% ක් ලෙස පැවතිණි. ඒ අනුව මාසයක කාලය තුළදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 16.6% කින් සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.4% කින් ඉහළ ගොස් තිබේ.

2022 අප්‍රේල් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 10.22ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 6.03කින් සහ සියයට 4.19කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, සහල්, කිරිපිටි, පරිප්පු, සීනි සහ පාන් මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, ප්‍රවාහන (පෙට්‍රල්, බස් ගාස්තු සහ ඩීසල්), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, නිවාස කුලී සහ එල්.පී. ගෑස්), සෞඛ්‍ය (පෞද්ගලික වෛද්‍ය ගාස්තු), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල ප්‍රධාන වශයෙන් මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 10.6හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 13.0 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 17.3හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 27.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 8.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 10.2 දක්වා ඉහළ ගියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලංකාවේ පොලීසියට අතදෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම...

අයවැයට එරෙහිව අද සරසවි අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක!

කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල...

වසර 08කට පසු වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: වෙරළ සංරක්ෂණ හා වෙරළ...

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණී කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි සියලු...