ගාමිණී මාරපන අභාවප්‍රාප්ත වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයෙන් පසුවූ ඒ මහතා අද (25) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මෙරට නීති ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයකු වූ ඒ මහතා ආන්දෝලනාත්මක නඩු රැසකට පෙනී සිටි ජනාධිපති නීතීඥවරයෙකි.

එමෙන්ම ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ගාමිණී මාරපන මහතාව කොළඹ වරාය නගර කොමිසමේ සභාපතිවරයා වශයෙන් ද පත්කෙරිණි.

ගාමිණී මාරපන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...