පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (26) අලුයම 04.00 ට පමණ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මුළුතැන්ගෙයි සේවයේ නිරතව සිටි පිරිසක් වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන් අතරින් තිදෙනෙකුගේ තත්වය බරපතළ බවත් වාර්තා විය.
පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට ද දැඩි අලාභහානි සිදුව ඇත.
මෙහිදී වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හා එහි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අනතුරක් සිදුවී නොමැති බවත් වාර්තා විය.






