ජනවාරි මාසයේ සිට මේ දක්වා නීති විරෝධිව බෝට්ටු මඟින් එක්සත් රාජධානියට පැමිණි සංඛ්‍යාව 10,000 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2024 ජනවාරි මාසයේ සිට බෝට්ටු මඟින් එක්සත් රාජධානියට පැමිණි නීතිවිරෝධී සරණාගතයින් සංඛාව 10,000 ඉක්මවා ඇති බව රජයේ නිල සංඛ්‍යා දත්ත වාර්තා පෙන්වා දේ.

රජයේ වෙබ් අඩවියක නවතම සංඛ්‍යා පෙන්නුම් කළේ ජනවාරි සහ මැයි 25 අතර 10,170 පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව විශාල වැඩි වීමක් වන බවයි.

ජූලි 4 ජාතික මැතිවරණයකට පෙර අගමැති රිෂි සුනක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන මෙම සරණාගත ගැටලුව සම්බන්ධයෙන් කම්කරු පක්ෂයේ අමාත්‍ය ස්ටීවන් කිනොක් පැවසුවේ සුනක්ගේ රජය මෙම ප්‍රශ්නය විසඳීමට ප්‍රමාණවත් දේ කර නොමැති බවයි.

කෙසේ නමුත් සුනක් මෙම සතිය අගදී කියා කම්කරු පක්ෂය පවසා තිබුණේ, තමන් තේරී පත් වුවහොත් මිනිසුන් ජාවාරම් කිරීම නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ඒජන්සි සමඟ කටයුතු කිරීම සඳහා පොලිසිය, දේශීය බුද්ධි ඒජන්සිය සහ නඩු පවරන්නන්ගේ කාර්ය මණ්ඩලය එක්රැස් කරන දේශසීමා ආරක්ෂක විධානයක් නිර්මාණය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...