කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමයි

0
388

සටහන – රුවන් නෙළුගොල්ල

අද (25) රාත්‍රියේ කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ බ්‍රේබෘෘක් පෙදෙස, කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල මංසන්ධිය, බෞද්ධාලෝක මාවත, පෙරහර මාවත, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත වටරවුමේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා මාර්ග එසේ වසා තැබෙනු ඇත.