රාජකීය – විශාකා – රත්නපුර සීවලි පෙරමුණේ – ගාල්ල මහිනද් ජනප්‍රිය පාසල් ලේඛණයේ නැත

Date:

මෙවර පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩ ඉම් ලකුණු නිකුත් වී ඇති අතර පිරිමි අංශයෙන් වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණය දැක්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සඳහාය.එය ලකුණු 179 කි.කාන්තා අංශයෙන් වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණය සඳහන් වන්නේ කොළඹ විශාකා විද්‍යාලයට වන අතර එය මේ වසරේ පාසලක වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණය වන 182 කි.මිශ්‍ර පාසල්වලට ඇතුළත වීමේදි වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සිඳුව ඇත්තේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීම සඳහාය.එම පාසලට ඇතුළත් වීම සඳහා ලකුණු 173 ක් ලබා ගත යුතුව ඇත. එසේම දිවයිනේ ප්‍රධාන බාලක පාසලක් වන ගාල්ල මහින්ද විද්‍යාලය මෙම කඩඉම් ලකුණු ලේඛණයට ඇතුළත් වී නොතිබීමද විශේෂ ලක්ෂණයකි.

බාලක,බාලිකා සහ මිශ්‍ර යන වර්ගීකරණය නොසළකා කඩඉම් ලකුණු සළකා බැලීමේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා කඩඉම් ලකුණු 178 ක් සදහන් කර ඇති අතර,කොළඹ දේවි බාලිකා විද්‍යාලයට සහ කුරුණැගල මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලකුණු 177 ක් ලබා ගත් යුතුව ඇත.කොළඹ ආන්නද,ගාල්ල රිච්මණ්ඩ්,කුරුණෑගල මලියදේව යන බාලක පාසල්වලටත්,මහනුවර මහමායා බාලිකා විද්‍යාලයටත් ඇතුළත් වීම සඳහා ලබාගත යුතු කඩඉම් ලකුණු ප්‍රමාණය 176 කි.

වෙනත් වසරවලට වඩා කඩඉම් ලකුණු යම් ආකාරයක පහළ බැසීමක් පෙන්නුම් කරන බව දැකිය හැකිය.රටේ පැවති කොව්ඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දරුවන්ට නිසි අධයාපන අවස්ථා අහිමිවීම නිසා විභාගයේ ප්‍රතිපල යම් මට්ටමකින් පහත බැසීම මීට හේතුවය.පහත දැක්වෙන්නේ ඒ ඒ ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කරන ලද ලකුණු ප්‍රමාණයන් පිළිබද විස්තර සටහනය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...