හැදුවේ නැති ක්‍රීඩකයා ආයෙත් වරදක

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන විටදී ද විනය කඩ කිරීමේ ගැටළුවකට මැදි වූ කමිල් මිශාර ජාතික කණ්ඩායම සමඟ බංගලාදේශයේ මේ මොහොතේ සිදුවන ශ්‍රි ලංකා සංචාරයේදී ද විනය කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එවීමට තීරණය කර ඇත.

දක්ෂ වමත් පිතිකරුවෙක් ලෙස හඳුන්වන කමිල් තවමත් 21 වන වියේ පසුවන අතර ගැටවර වියේදී ඔහු අතින් සිඳු වූ වරදින් පසු නැවත වරදකට හසුවීමෙන් ඔහු පැහැදිළි කරන්නේ විනය ආරක්ෂා කිරීමේ ඔහුට නැති උවමනාව මෙන්ම ක්‍රිකට් ආයතනය ඔහුව නිවැරදි පුනරුත්ථාපනයකට යොමු කිරීමකට අසමත්ව තිබෙන බවය.මෙවර ඔහු විනය කඩ කිරීමේ චෝදනාවට ලක් වී ඇත්තේ අනවසරයෙන් සිය කාමරයට ආගන්තුකයන් ඇතුළත් කිරිමේ වරද උල්ලංඝණය කිරීම නිසාය.

අනාගතයට වටිනාකමක් ඇති කමිල්,ඔහු විසින් පවත්වාගෙන යන ස්වයං විනයකට ඇතුළත් විය යුතු අයුරින්ම ඔහුව නිවැරදිව පුනරුත්ථාපනය කර ශ්‍රි ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් රැක ගැනීම දඩුවම් කිරීම වගේම ස්වීය වගකීමක් කොට ක්‍රිකට් පරිපාලනයද අවබෝධ කර ගත යුතුය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...

ඉන්ධන සැපයුම අඩුකරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කළොත් පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අනුර

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් දිගින් දිගටම ඉන්ධන සැපයුම...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...