මහබැංකු හොරු එක්ක එකතුවෙලාද ජනතා බලාපොරොත්තු ඉටු කරන්න කියන්නෙ ? – සජිත් (Video)

Date:

පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුව ලබාගැනීමට හෝ සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තීන්දුව තිරසාර බවත් තනතුරු තාන්න මාන්න වෙනුවෙන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.

මේ රටේ ජනතාව ඉල්ලා සිටින වෙනස කිසිවිටෙකත් පාවා නොදෙන බව පවසන විපක්ෂ නායකයා අරගලය දියකර හරින වැඩපිළිවෙලකට තමන් ඇතුළු සමගි ජන බලවේගය දායක නොවන බවද අවධාරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී වෘත්තීය සමිති නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය මගින් ඉදිරිපත් කරනු ලැබූ විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය පරම පවිත්‍ර පිරිසිදු සංශෝධනයක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම උදෙසාවූ ඉහළ ගණයේ සංශෝධනයක් බවත් ප්‍රේමදාස මහතා පවසයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමත්,විධායක අගමැතිවරයෙකු බිහි නොකර සංවරණ තුලන ක්‍රමවේදයකට රට නතු කිරීමත් එම සංශෝධනයේ මූලික අරමුණ බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති සංශෝධන කෙටුම්පත විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් ආරක්ෂා කරන එකක් බැවින් කිසිවිටෙකත් ඊට එකඟ විය නොහැකි බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...