ඉන්ධන පෝලිම් නැතිවීමට හේතුව හිටපු මහබැංකු අධිපති  පහදයි. ( VIDEO )

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට ආර්ථිකය සංකෝචනය වමින් පවතින බවත්,  අද වන විට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන්නේ රජය විසින් රට පුරා අවශ්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමක් සිදු කිරීමකින් නොව ජනතාවගේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඉන්ධන භාවිතය අවම වීමෙන් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ජනතාවට මුදල් නොමැතිව , තම ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අවම කර ඇති බවත් ,මේ වන විට රටේ ඩීසල් පරිභෝජනය 33% කින් හා පෙට‍්‍රල් පරිභෝජනය 53 %කින්, භූමිතෙල් පරිභෝජනය 75% කින් අඩු වී ඇතැයි ද පැවසූ ඒ මහතා , ඉන්ධන පෝලිම් නැති වීම සඳහා ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණාවක් පමණක් බවත් ඉන්ධන පරිභෝජනය විශාල ලෙස පහළ ගොස් ඇත්තේ ජනතාවගේ ආර්ථික පිරිහීම නිසා අතේ මුදල් නැති වීම නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...