*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව රැස්වන්නේ නීති සම්පාදන ක්‍රියාවලියකට, ඒත් අද අධිකරණමය ක්‍රියාවලියකට – ගම්මන්පිල කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ පැවති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඊයේ (24) දින පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසූවේ , සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50කට ලබාදීමට හැකියාව තිබියදී ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 30ක් වැනි මුදලක් අය කරන බවත් මීට එරෙහිව හඬ නැගූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි .


ඒ පිළිබඳ අදහස් දැක්වූ  උදය ගම්මන්පිල මහතා ,

” මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට මේ සභාව ඉදිරියේ තිබෙන යෝජනාව ඇත්තටම නීතියට පටහැනියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පටහැනියි. ඒ නිසා හරිනම් මේ විවාදය ඔබතුමා මේ මොහොතෙහි නතර කළ යුතුයි. ඇයි මම එහෙම කියන්නේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතෙහි 7 (ආ) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වනවා යම් සාමාජිකයෙකු ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා නම් පාර්ලිමේන්තුවට ඒ සෑම චෝදනාවක් පිළිබඳව ම විස්තරාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි. චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි කියා. අපට එවා ඇති වාර්තාවේ එවැනි කරුණු කිසිවක් සටහන් වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ නීති සම්පාදන ක්‍රියාවලියට. නමුත් අද අප රැස්වෙලා ඉන්නේ අධිකරණමය ක්‍රියාවලියකට. එනම් ජනක රත්නායක මහතා වැරදිකරු ද නිවැරදිකරු ද කියා තීරණය කිරීමට. නිවැරදිකරු කියා තීරණය වුනොත් එතුමාට මෙම සභාපති ධූරයේ තවදුරටත් රැඳී ඉන්න පුළුවන්. වැරදිකරු යැයි තීරණය වුනොත් ඔහු සභාපති ධූරයෙන් නෙරපීමේ දඬුවම ලබාදීමට මේ සභාවට පුළුවනි. අධිකරණයකදී යම් චෝදනා පත්‍රයක් ඉදිරිපත් වූ පමණින් යමෙක් වැරදිකරු බවට තීරණය වන්නේ නැහැ. චෝදනාව ඔප්පු කිරීමට චෝදනාව නගනා අය සාක්ෂි සැපයිය යුතුයි. නමුත් මෙම චෝදනා පත්‍රයේ එවැනි සාක්ෂි සැපයීමක් සිදු වී නැහැ. සාක්ෂි නැතුව මේ වැඩේ කරගෙන යන්න බැහැ කියන එක අපි ඔබතුමාගේ අවධානය යොමු කරනවා.

එතුමාට ඉදිරිපත් කර තිබෙන දෙවැනි චෝදනාවෙන් කියන්නේ අභියාචනා අධිකරණය ඉදිරියේ තිබෙන රීට් නඩු අංක 56/2023 කියන නඩුවේදී ඔහුගේ නොමනා හැසිරීම අධිකරණය විසින් නිරීක්ෂණය කර තිබෙනවා කියලයි. එයට පිළිතුරු සපයමින් ජනක රත්නායක මැතිතුමා මන්ත්‍රීවරුන්ට එවන ලද නිල ලේඛනයෙහි දහවෙනි ඇමතුම විදිහට ඉදිරිපත් කර තියෙනවා එතුමා පාර්ශවකරුවෙකු නොවන නඩුවක එතුමා පිළිබඳව විනිශ්චකාරවරුන් විසින් නිරීක්ෂණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අභියාචනා කරමින් ඔහු විසින් මෝසමක් ඉදිරිපත් කළ බව. එසේනම් මේ මොහොතේත් එම දෙවෙනි චෝදනාවේ තිබෙන කාරණය අධිකරණයේ විනිශ්චයට භාජනය වෙන කාරණයක්. අපේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අධිකරණයෙන් විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් මේ සභාවේ විවාද කරලා තීන්දුවකට එළඹෙන්නට බැහැ. ඒ නිසා එක පැත්තකින් මෙය නීතියට පටහැනි. අනිත් පැත්තෙන් රීතියට පටහැණි. එහෙම නම් මේ විවාදය ඡන්ද විමසීමකින් තොරව නතර කර දැමිය යුතුයි කියලා මම ඔබතුමාට යෝජනා කරනවා.

මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එතුමාට චෝදනා පහයි. පළමු චෝදනාවෙන් කියවෙන්නේ බහුතර සාමාජිකයන්ගේ එකගතාවයකින් තොරව අධිකරණයේ නඩු පැවරීමට එතුමා කටයුතු කළා කියලා. ජනක රත්නායක මැතිතුමා සිය පිළිතුරෙහි දෙසිය හැත්තෑ පස්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනෙක් ම පැමිණ ඒකමතිකව මෙම තීරණය ගත් බව එම අධ්‍යක්ෂක මණ්ඩල වාර්තාවේ පිටපතක් අපට එවමින් සඳහන් කර සිටිනවා. එහෙමනම් මේ පළමු චෝදනාවම පට්ටපල් බොරුවක් පදනම් විරහිත කතාවක්. ඉතුරු චෝදනා වලත් කිසිදු පදනමක් නොමැති බව එතුමා සාක්ෂි සහිතව මේ සභාවේ නියෝජිතයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි බොරු චෝදනා හදමින් සභාපතිවරයා ඉවත් කර ගන්න හදන්නේ ඇයි? විදුලි බිලේ පිරිවැය අයකර ගැනීමට අප කවුරුවත් විරුද්ධ නැහැ. එතුමාත් විරුද්ධ නැහැ. නමුත් එතුමා විදුලි බිල වැඩි කිරීමේ අසාධාරණය පෙන්වල දීල තියෙනවා. දුප්පත් මිනිස්සුන්ගේ මුදල් අය කරලා ධනපතියන් සැනසීමට දුප්පත් මිනිස්සුන්ට ඉහළ ගාස්තු දීමේ මේ දුෂ්ට ක්‍රමය ඔහු අභියෝගයට ලක් කරලා තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු අනුව 2023 වසරට විදුලි ඒකක මිලියන 4,000 ජලයෙන් විදුලිය නිපදවා ගන්නට පුළුවන්. මේ රටේ විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6.8යි. මිලියන 4,000 අපි 6.8න් බෙදුවහම උත්තරේ 49 යි. ඒ අනුව සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50 ලබාදෙන්න පුළුවන්. රුපියල් 3ක් වගේ තමයි පිරිවැය වන්නේ. නමුත් මේකට අනෙකුත් වියදම් එකතු කලහම රුපියල් 3.50 කට වගේ දෙන්නට පුළුවන්. රුපියල් 3.50 දෙන්න පුළුවන් ඒකකය අද දෙන්නෙ රුපියල් 30 කට. ඒ ඇයි ? සාප්පු සංකීරණ වලට සුපිරි මහල් නිවාස වලට රජයේ කාර්යාල වලට දැවැන්ත අඩු මිලකට විදුලිය සපයනවා.

ලෝකයේ අනිකුත් රටවල සමාජ සාධාරණත්වය කියලා සිදු කරන්නේ දැරිය හැකි පුද්ගලයා ගෙන් අරගෙන පහල සමාජ ක්ෂේත්‍ර වලට සහන ලබා දීම. ඒකක 30ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 13ක් ඉන්න රටක් මේක. ඒ අයට වැඩි මිලක් දාලා. 3.50ට දෙන්න පුළුවන් ඒකකයට රුපියල් 30ක්, රුපියල් 50ක්, රුපියල් 70ක්, අය කරලා ධනපතියන්ට සහන සැලසීමේ ක්‍රියාවලියට එරෙහිවයි මේ සභාපතිවරයා කතා කළේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව හදලා තියෙන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ඇතිවන මේ වැනි අඩුපාඩු පෙන්වා දීමට. සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමේ වරදට මේ සභාපතිවරයා ඉවත් කිරීමට කවුරුන් හෝ අත ඔසවනවා නම් මහජන අධිකරණය ඉදිරියේ ඔවුන්ට දඬුවම් ලැබෙන එක ඒකාන්තයි කියන එක ඉහල අයට බයේ අත එසවීමට බලා සිටින මන්ත්‍රීවරුන්ට මම සිහිපත් කරනවා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan