ඇතැම් තොරතුරු අසත්‍යයි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද පාර්ලිමේන්තුවේදී වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ රජයට මිතුරු ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන් 10 දෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්න සූදානම් කියලා. ඒ නිසා මම වහාම මේ ගැන හොයා බැලුවා. ලංකා බැංකුවට කතා කළා, මහජන බැංකුවට කතා කළා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට කතාකළා, ඉතිරිකිරීමේ බැංකුවට කතාකළා, මහාභාණ්ඩාගාර ලේකම්වරයාට කතාකළා. මේක හරි භයානක දෙයක් නේ මෙහෙම වෙනවා නම්. එහෙම දෙයක් කතාකරලා නෑ සභාපතිතුමනි. එහෙම වැඩසටහනකුත් නෑ, එහෙම සිතුවිල්ලකුත් නෑ, එහෙම කතාබහකුත් නෑ, එහෙම තීන්දුවකුත් නෑ, මේ මේ ප්‍රධාන බැංකු දෙකෙන් ප්‍රකාශ දෙකකුත් ගෙන්නාගත්තා. සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් හිරවෙලා ඉන්න මොහොතක අපි කියනවා නම් කිහිපදෙනෙකුට සහනයක් දෙන්න යනවා කියලා. ඒක මේ රටේ සියලුම බැංකු ගණුදෙනුකරුවෙකුටම මහා පීඩනයක් ගෙනදෙන කතාවක්. මම බොහොම වගකීමෙන් කියනවා අනාගතයේදීවත් එහෙම දෙයක් කරන්න අපි බලාපොරොත්තුවෙන්නේ නෑ.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...