*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හේෂාමය ක්‍රිකට් විනෝදය

සටහන – නිශ්මං රණසිංහ

මැයි 26, කොළඹ (LNW): මැතිවරණ සටන තරමටම සජබෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ද උනන්දු වෙයි.රොෂාන් රණසිංහ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ දූෂණය බේරා ගැනීමට ආ ශාන්තුවර සෙබළා බවට පත් කර ගැනීමේදී ඔහුගේ ඉපැයීම් ගැන මුල සිට විමසා බල්න්නට හෝ ඔහුගේ පාලනය යටතේ තවත් ක්‍රීඩා දෙකකට ඊට පෙර වැටී තිබූ ජාත්‍යන්තර තහනම ගැන විමසා බැලුවේ නැත.ඒ තහනම් සියල්ලට ඇමතිගේ ක්‍රියා කළාප හේතු වූ අතර එහිදී ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයා කුමනාකාරයෙන් ක්‍රීයා කර දේශපාලන බලය ක්‍රිඩාව මත යොදවා ඇද්ද යන්න ද,සජබෙ ශත පහකට ගණන් ගත්තේ නැත.ඒ ක්‍රිකට් පරිපාලනය තමන්ට රිසි පිරිසක අතට පත්වීමේ රස උරගා බැලීමේ අදහසින් වෙන්නට බැරිද?


මන්ද ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ හොඳටම උරණ වන්නේ ආදායමෙන් හෝ ලාභයෙන් සියයට 20 ක් ඉල්ලා,එය දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ නොවූ තැනය.අමාත්‍යවරයා එම ඉල්ලීම පිළිගන්නේ කරුණාවෙන් ලබා දෙන ලෙස ලිඛිතව කරන ලද ඉල්ලීමක් ලෙස ය.


අනෙක් ක්‍රීඩා අත හැර,තමන්ට හැංගෙන්නට තරම් ඩොලර් ඉහළට නැඟුණු ක්‍රිකට්වලට පමණක් ඔවුන් ආලවන්තව ස්නේහවන්තව ඇලිණි.දැන් ඒ ඇලීමේ එක් පියවරක් ලෙස අර්ජුන රණතුංග ලංකාවේ සම්බන්ධ නොවී ඉතිරිව තිබණු දේශපාලන පක්ෂයක් විදිහට තිබුණු සජබෙ ට ද සම්බන්ධ වීම හැරෙන්න,ක්‍රිකට් පරිපාලනයට එරෙහි විමෙන් සජබෙ අත් කර ගත් ලාභයක් නැත.දැන් අර්ජුනට සර්ව පාක්ෂික අදහස් දරන්නෙක් ලෙස පවසන්න තවත් සම්බන්ධ වීමට ඇත්තේ ලංකාවේ තව සුළු පක්ෂ කිහිපයකට පමණි.ඉදරියේ දී ඒ වාර්තාව ද ඔහු විසින් තබනු ඇත.


එහෙත් දැන් පිටිය සකසාගෙන හේෂා විතානගේ මන්ත්‍රීවරයා පෙරහැරේ කසකරුව ගමන් අරඹා ඇත.ඒ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනාවට අත් අඩංගුවට ගැනීම පාදක කර ගෙනය. එය මහජන නියෝජිතයෙක්ගේ වගකීම ලෙස සිතිය හැකිය.එහෙත් මෙම වෙන්දේසියට ද පැමිණ අයිසීසී දූෂණ චෝදනා නිලධාරීන් අසුන් ගෙන සිටිය බව කවුරුත් දන්නා කතාවකි.එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය සතු විශේෂ විමර්ශන එ්කකය ද මෙයට සම්බන්ධ වී ඇත.එය හේෂා ද සම්බන්ධ ආණ්ඩුවක් හරීන් ප්‍රනාන්දු මීට පෙර ක්‍රීඩා ඇමතිව සිටියදී සම්මත කර ගත්,සංශෝධනය කර ගත් නීතිමය තත්ත්වයන් එක්ක බලාත්මක වූ එකක්ය.ඒ නිසා අයිසීසී ය සටහන් කරන්නේ තරග පාවාදීම අපරාධමය වරදක් ලෙස සළකන පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වී ඇති බවය.තමන් ද සිටි ආණ්ඩුවක් විසින් ගත් එම තීරණය ගැන වචනයක් හෝ නොකියා සිටින්නට හේෂා පරිස්සම්වෙන්නේ දැන් එහි ගෞරවය හරීන් ට යොමු වෙන නිසා විය යුතුය.


එසේම ගමේ ක්‍රිකට්වලට මුදල් නොදෙන බව හේෂා මතු කරන එක් තර්කයක්ය.එහෙත් මේ දිනවල කතාබහට ලක්වන්නේම අලුතින් ගමෙන් එන ක්‍රිකට් තරුය.මොණරාගලින් පැමිණි බට්ටි ක්‍රිකට්වල ජනප්‍රිය මාතෘකාවක්ය.ඇය දුප්පත් කෙල්ලක්ය.ඒ පාසලේ තවත් දක්ෂයන් ඇත.එහෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙට ඔවුන්ට ඉඩ පහසුකම් නැත.හයියෙන් පහරක් ගැහුවොත් ඇලේය.ඒත් දේශපාලකයන් ඔවුන්ගේ පාසලට අයත් ඉඩම් අල්ලා ගන්න මුල් වී ඇත.පාර්ලිමේන්තුවේ ඒ දේවල් සොයා කතා කර ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙන ඇති පියවර හරහා වැඩි ඉඩක් ගමේ ක්‍රිකට් වෙනුවෙන් සකස් කරන්න මැදි විය යුතු බව හේෂාට නොසිතෙන්නේ පාසලේ ඉඩම් දේශපාලකයින් අල්ලාගෙන සිටින නිසා විය යුතුය.


පොළොන්නරුව,මාතලේ,රත්නපුර,හම්බන්තොට වැනි දිවයිනේ සෑම දෙසින්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගත් විට ජාතික කණ්ඩායම සහ කණිෂ්ඨ ජාතික කණ්ඩායම නියෝජනය කරන පිරිස් එක් වී සිටිති.ජාතික කණ්ඩායමට අලුතින්ම පැමිණි ශෂිනි ගිම්හානි ධීවරයෙකුගේ දියණියකි.හේෂා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කය ගත් විට එහි ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිස,පාසල් වැඩි වී ඇද්ද නැද්ද යන්න සොයා ගැනීම පහසුය.ඒවාට ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා සමහර විට පාසල් සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබෙන ආධාර හරහා ලැබෙන දේවල්වල වැඩිවීමක් ඇද්ද අඩුවීමක් ඇද්ද යන්න සොයා බැලිය යුතුය.එසේම දිස්ත්‍රික්කයේ ක්‍රිඩාව මෙහෙයවන අය ලැබෙන ප්‍රතිපාදන සියල්ල ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රජාව වෙනුවෙන්ම වැය කරනවාද,කැප කරනවාද යන්න ද සොයා බැලීම වැනි කාරණා සොයා බලා ඒවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැන්වීම වැනි කාරණා වඩාත් පලදායක විය හැකිය.එවැනි විරෝධයකට එක් වූ රත්නපුර තරුණ පිරිසක් සමඟ දීර්ඝ වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡා කළ බව ද අපි දනිමු.එවැනි සමූහ දේශපාලනිකව හේත්තු වී හයිජැක් කරන්නට නොයා ධනාත්මක මැදිහත්වීම් සිඳු කිරීම හේෂා පමණක් නොව ලංකාවේ බොහෝ දේශපාලකයින් නොදන්නා කාරණාවකි.


පාර්ලිමේන්තුවම එකතු වී ක්‍රිකට් වෙනස් කරන්නට නොහැකිය.එසේ වරදක් ඇති බව අයිසීසී ය විසින් පිළිගත යුතුය.සිඳු වූයේ අයිසීසී ය පාර්ලිමේන්තුව සමඟ එකඟ නැති වීමය.අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියා සිතන පාර්ලිමේන්තු නියොජිතයෝ ද,ඔවුන්ට ඕන දෙයක් කළ හැකි බව සිතන ඡක්දෙ දෙන මිනිස්සු ද රටක ක්‍රීඩාව තමන්ගේ අත පෙවීමට හැකි තැනෙක නැති බව තේරුම් ගත යුතුය.ඒවා සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලනයේ නියාමනය යටතේය.


ලංකාවේ ක්‍රීඩාවන් ගැන පාර්ලිමේන්තුවේ කතා කිරිම,ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම,තේරීම් කාරක සභාවලට කැඳවීම මෙන්ම යම් කිසි අර්බූදයක් වේනම් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වී හෝ ජාත්‍යන්තර සංගමය සමඟ සාකච්ඡා නොකර තමන් මහජන නියෝජිතයින් නිසා ඕනි දෙයක් කළ හැකියැයි සිතා වැඩ කරන්නට යාම රටේ ක්‍රීඩාවට අපලය.මේ ආකාරයට මෑත කාලයේ කතා කළ යුතු ඛේදවාචක අපමණ සිඳු වුව ද,පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින්ට අසුවෙන්නේ ක්‍රිකට්මය.
මෑත කාලයේ ඔලිම්පික් තරගාවලියට රට නියෝජනය කරමින් සහභාගි වීමේ අවස්ථාව තිබුණ මීටර් 400 පිරිමි කණ්ඩායමට එම තරගාවලිය පැවත් වූ බහමාස් වෙත යන්නට නොහැකි විය.ඔලිම්පික් තරගයක් නියෝජනයට තිබුණු ඉඩ වැසුණේ දුර තබා වීසා ලබා ගැනීමට කටයුතු නොකළ නිසාය.කාටවත් ඒ දේ අදාළ වූවේ නැත.රොෂාන් රණසිංහ එක්ක ක්‍රිකට්වලට හිට ගත්තට,රොෂාන් රණසිංහ,නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රගර්වලට ආසියා සභාපතිත් අල්ලගෙන තලන කොට,ආසියානු ක්‍රීඩා උළෙලට පුහුණුවීම්වත් කර ගන්න බැරි ආකාරයේ ජාත්‍යන්තර තහනමක් පැමිණ,ධජයවත් නැතුව ගොස් තරග කරන්නට වීම ගැන විවාද ආවේ නැත.අවසාන්යේ ආසියාවේ ලදරු වයසක ඉතිහාසයක් ඇති ආසියානු සභාපතිගේ රටේ කණ්ඩායමට වඩා පහළට අවුරුදු සිය ගණනක් පළල ලංකාවේ ක්‍රිකට් වැටීම ගැන එයට දායක වූ දේශපාලකයෝ නිලධාරි ගැන විවාද නැත.


ආසියානු පදක්කම්ලාභින්ට අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛනවලට අනුව ගෙවිය යුතු වුව ද,ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලබා දුන් ලක්ෂ 280 ක පරිත්‍යාගය හැරෙන්නට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවමත් ආණ්ඩුවෙන් සත පහක් ගෙවා නැත.ඒවා ගැන හේෂලා පාර්ලිමේන්තුවේ විවාද කරන්නට යන්නේ නැත.
පෙන්නා දුන් උදාහරණවලට අනුව රගර් පරිපාලනයට සල්ලි නැත.ඒවා ණය කරපු මිනිස්සුන්ටම රගර් හදන්න නාමල් සහ රොෂාන් වගකීම් පවරද්දී හේෂාලා නොකර සද්ද බලා සිටියේය.ඒවා හරහා රගර් සමතලා කරන දේශපාලන ගේම දෙස බලා සිටියේය.මලල ක්‍රිඩාවට ද සල්ලි නැත.ඒවා දුවන්නෙත් අමාත්‍යංශය පැත්තට කට හැරිච්චි කැට වගේය.ඒ සලිලි අහේනි ගිණුම් සහිත ක්‍රීඩාවලට හෙණ ගැහුවත් නො’ඇරෙන කටවල් කොහොන් හෝ පුංචි ඉඩක් ලැබුණ ගමන් ඇඟීල්ල ඔබා ගන්න පුළුවන් ඉඩ ඔළුව ගාණට ලොකු කර ගැනීමට දඟලන පාර්ලිමේන්තු විපක්ෂය මරුය.


එල්පීඑල් ගැන දේහිය පුහුණුකරුවන්,ක්‍රීඩකයින් යෙදවීම ගැන කතා කරමින් ඒ ආකෘතිය විවේචනය කරන හේෂා ලෝකයේ විස්සයි විස්ස ලීග ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධයක් නැති සේ හැසිරෙයි.ක්‍රිකට් ගැන උනන්දු අයෙක් ලෙස ඔහු අනිවාර්යෙන්ම අයිපීඑල් වැනි තරගාවලි අත නොහැර බලන බව හැඟේ.එසේනම් ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර වැන්නන් සිටින තැන ගැන හේෂා කියන්නේ අයිපීඑල් කරන ඉන්දියාව වැරදි දෙයක් කරන බවද?මතීහ පතිරණගේ ජනප්‍රියත්වය,නුවන් තුෂාර,මහේෂ් තීක්ෂන වැනි ක්‍රීඩකයින් ගැ මෙන්ම ලසිත් මාලිංග වැනි පුහුණු කාර්ය මණ්ඩලවල වැඩ කරන්නන් ඉන්දියානුවන් නොවේය.එසේම මේ මොහොත වන විට ඉන්දීය ජාතික කණ්ඩායමේ පුහුණුකරු සේ මහේල ගැන අවධානය යොමු වි ඇති බව කියැවෙන අතර බංගලාදේශ කණ්ඩායම දෙවන වරටත් පුහුණු කරන්නේ උපුල් චන්දික හතුරුසිංහ ය.


ක්‍රිඩාව අපේ ගමේ එකා අතේම පැවතිය යුතු නැත.ගමට පිටින් එන එකා දක්ෂනම් ගමේ ක්‍රීඩාවේ මුල් තැන උට දිය යුතුය.ලංකාව ගැන ද එහෙමය.ක්‍රීඩාවේ දක්ෂයා මේ වන විට ගෝලීය වස්තුවකි.වඩාත් මිලක් ගෙවා ක්‍රීඩා කරවන්න කණ්ඩායම් හිමිකරුවන් කැමති වන්නේ ඒ ගෝලිය වටිනාකමට සාපේක්ෂවය.එය යම් ආකාරයක සීමා කිරීම මිස අපි පහකට බෙදිලා ක්‍රිකට් ගැසීම රටේ ක්‍රිකට් වන්නේ නැත
රටේ ක්‍රිකට් පමණක් නොවේය,තවත් ක්‍රීඩා තිබේය.ඒ ක්‍රීඩා කරන අයට මුදල් ද නැත.සාධාරණය ද නැත.උන් සහ උන්ගේ අම්මලා,තාත්තලා පත් කර එවන මහජන නියෝජිතයෝ ද නැත.රට ගැනත් ක්‍රීඩාව ගැනත් කතා කරනු විනා ක්‍රිකට්වල මුදල් පොදිය ගැනම කතා කරන මැක්කාගේ කතාවම මාධ්‍ය හමු කැඳවමින් පැවසීම දැන් හේෂාමය විනෝදය වී ඇත.එය රටේ සමස්ත ක්‍රීඩාවේ අර්බූදය දකින අපට හේෂාමය විනෝදය හරහා ක්‍රිකට් ගැන විතරක් දෙඩවීම අපට දැනෙන්නේ විකාරයක් ආකාරයටය.තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ජාතික මට්ටමේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වාර්තා තැබූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ජාතික තලයට ක්‍රීඩකයින් ගෙනා මලල ක්‍රීඩා,පාපන්දු වැනි ක්‍රීඩාවල පුහුණුකරුවන් කොපමණ සිටී ද?රත්නපුරයට සම්පතක් වන් ක්‍රීඩාංගණවල කොටස් අල්ලා ගෙන සිටින දේශපාලකයන් නැද්ද? මේ කිසිවක් නොකර ක්‍රිකට් ආයතනය දෙසම බලා ඉදීමේ ආසාව කුමක් විය හැකිද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan