මිහිරාන්ගෙන් ශ්‍රී ලංකාවට මිහිරි ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 26, කොළඹ (LNW): මේ දිනවල තායිලන්තයේ පැවත්වෙන 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට බොක්සිං ක්‍රීඩා සුදුස්සසන් තේරීමේ තරගාවලියේ පළමු වටයේ තරගයකින් ජය ගෙන දෙවන වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවේ උදයංග මිහිරාන් සමත් විය.තරගයේ තීරණය 5-0 ක් විය.මිහිරාන් ගේ ප්‍රතිවාදියා වූයේ සිංගප්පූරුවේ ටෙඕ වෙයි ෂූආන් ය.


විනිසුරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකුම මිහිරාන්ට ලකුණු 30 – 26 ක් ලෙස ලකුණු ලබා දී තිබුණු අතර එක් විනිසුරුවෙක් ලකුණු 30 – 24 ක් ලෙස ලකුණු ලබා දී තිබිණි.ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට පැමිණි ලොව පුරා දක්ෂ ක්‍රීඩකයින් අතරින් පියවරක් ඉදරියට ඒම පවා දුෂ්කර කාර්යයක් වන අතර ඒ අනුව බලන විට මිහිරාන්ගේ මේ ජයග්‍රහණය සුවිශේස එකකි.


පැවති බොක්සිං පරිපාලනය යටතේ තේරීම් සිඳු කරන මේ තරගාවලිය නව පරිපාලනය යටතේ සිඳුවන පළමු තරග සංචාරය වන අතර මේ වන විට ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයෙන් ද කුසලතා පෙන්වන මිහිරාන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්තියෙකි.මේ ජයග්‍රහණය පාදක කරගෙන ඔහුගේ අනාගතය වෙනුවෙන් වඩාත් පෝෂිත පොළවක මිහිරාන්ගේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව කරගෙන යා හැකි පරිසරයක් සකස් කළ හැකිනම් මේ ඔලිම්පික් තරගාවලියටත් වඩා 2028 තරගාවලියට මිහිරාන් වඩාත් වටිනා දෙයක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකි ක්‍රීඩකයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...