*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

LGBT+ ප්‍රජා ගැටළු අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට?

විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවට බලපාන කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජාවට ආරාධනා කරන බව ස්වාධීන මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කරයි.

මීට දින දෙකකට ඉහත (මැයි 24) ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් එම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධ ප්‍රතිසංස්කරණ, LGBT+ ප්‍රජාවට අදාළ කරුණු සහ උඩරට ප්‍රජාවට අදාළ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

LGBT+ ප්‍රජාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් එම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එම ප්‍රජාවේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරිපත් වන සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව විවෘත කර දීමට අධිකරණ අමාත්‍යවරයා කැමැත්ත පළකළ බවයි.

විජේදාස රාජපක්ෂ යනු 1999 වර්ෂයේ දී සමරිසි කාන්තාවන්ට එරෙහිව පුවත්පතක පළවූ ලිපියකට එරෙහිව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට කළ පැමිණිල්ලක් එවකට එම මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් එක එල්ලේ බැහැර කළ හා, 2017 වර්ෂයේදී එවකට පැවති රජය විසින් යුරෝපා සංගමයේ GSP+ සහන ලබා ගැනීම සඳහා සමරිසිභාවය නිර්සාපරාදීකරණය කිරීමට අදාළව යෝජනාවක් ඉදිරිපත් කළ මොහොතේ, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමරිසි පුද්ගලයන් යනු ‘මානසික රෝගීන්’ පිරිසක් බවට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කළ පුද්ගලයකු වීම ද විශේෂත්වයකි.

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan