සටහන – රුවන් නෙළුගොල්ල
එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඊයේ (25) පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි මහබැංකුව නිවේදනය කර ඇත්තේ.
මීට පෙර එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය පැවතියේ 7.75%ක් වශයෙනි.


