ආර්ථිකය වැටිලා කියල විපක්ෂය කෑගැහුවට දත්ත ඇතුලේ නම් අපි ස්ථාවරයි – නි. ඇමති හේවගේ (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විපක්ෂය විසින් ආර්ථික කඩාවැටීමක් ගැන නිරන්තරයෙන් පැවසුවද ආර්ථික දත්ත තුළ දැවැන්ත වර්ධනයන් අත්පත් කරගෙන සිටින බව සබුද්ධික ජනතාව දන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

ඒක පුද්ගල ආදායම ඩොලර් 5003 දක්වා වැඩි වී තිබීම,ආර්ථිකය ඩොලර් බිලියන 108 දක්වා වැඩි වී තිබීම,විරැකියාව අඩු වීම, සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි වීම,ඉතිහාසයේ වැඩිම ප්‍රේෂණ ලැබීම සිදුව තිබීම වැනි ආර්ථික දත්ත තුළ යම් ස්ථාවර මට්ටමකට රට පැමිණ තිබෙන බව පැහැදිලි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඕනෑම රටකට අභ්‍යන්තර මෙන්ම බාහිර බලපෑම් හමුවේ ඒවා කළමනාකරණය කිරීම ආණ්ඩුකරණය වන අතර ඒවායින් පලායාම නොවන බවත් ඒ අනුව ආණ්ඩුව සියලු අභියෝග කළමනාකරණය කරගනිමින් ඉදිරියට යන බවත් හේවගේ මහතා තවදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...