ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ….

රෂිකා හෙන්නායක මැයි 26, කොළඹ LNW :

“දිට්වා”සුළි කුණාටුවෙන් හානියට පත් ඓතිහාසික සංස්කෘතික උරුමයන් යළි ප්‍රතිසංස්කරණය කිරීම හා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, නයින්දනාව පුරාණ රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු අද දින (මැයි 26) ආරම්භ කරනු ලැබීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය සහිතව, මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනා යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවේ.

මෙහි සමාරම්භක අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරී (වයඹ) මහාචාර්ය සමිත මානවඩු මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (වයඹ) මහාචාර්ය මංගල කටුගම්පල මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආචාර්ය සුමේධා මාතොට මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියදර්ශන උඩුකුඹුර මහතා, පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ඒකනායක මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්