අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. නියෝජ්‍ය විදුහල්පතිවරයකුට තුවාල !

0
476

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකි.

ඔහු අද උදෑසන යතුරු පැදියකින් සේවයට යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය ගතවූ පැය 12 තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ දෙවැනි වෙඩි තැබීමයි.

ඊයේ(25) රාත්‍රියේ ද මේ ආකාරයෙන්ම වතුගෙදර ආඳාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබුණු අතර වෙඩි පහරට ඉලක්ක වූ පුද්ගලයා සිය යතුරු පැදියෙන් පැන දිවි බේරාගෙන තිබිණි.

RN