*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

යලි ඇරඹෙන ජවිපෙ – පෙරටු නයි – මුගටි සටන … ?

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර තියෙන්නේ නයි මුගටි වෛරයක්. ඒක සජබ සහ ජවිපෙ අතර තියන බලු පොරයට වඩා බෙහෙවින්ම වෛරී සහගත එකක්. ජවිපෙ සහ පෙරටුගාමින් අතර ගැටුම නැවත කරලියට එන්නේ පහුගිය 20 වෙනිදායින් පස්සේ. ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු පත්කිරීමත් එක්ක. අන්තරේ ගැන මෙච්චර කල් විවෘතව අදහස් පල නොකල ජවිපෙ එකපාරට අන්තරේ කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ පත්වීම ගැන පෙරටුගාමින්ට රිදෙන්න අන්තරේට ගැහුවා.

ජවිපෙ ඒකට තෝරාගත්තේ බිමල්. මොකද අන්තරේ එක්ක හැපෙන්න පුළුවන් ප්‍රබල චරිතයක් ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නෑ.බිමල් මධුෂාන්ගේ පත්කිරීම නීති විරෝධී වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා කිව්වා.බිමල් ඒ පත්කිරීම කොච්චර උපහාසයට ලක් කලාද කියනවා නම් අන්තරේ කැදවුම්කරු පත්කිරීම සමාන කළේ රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට පත්කිරීමට.කොහොම හරි බිමල්ට හැරෙන තැපෑලෙන් අන්තරේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගෙන් උත්තර හම්බ වුනා.වසන්ත ඇහුවේ අන්තරේ නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් සහ ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් සටන් කරනකොට බිමල්ලා කොහේද හිටියේ කියලා.අන්තරේ රාජ්‍ය මර්දනයට ලක්කරමින් හිර ගෙවල්වලට ගාල් කරනකොට බිමල්ලා ඔය වගේ කයිවාරු ගහන්න එලියටවත් ආවේ නැත්තේ ඇයි කියලා වසන්ත ඇහුවා. අන්තරේ ප්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරයට රනිල් මර්ධනය කැදවද්දී ජවිපෙ ඊට විරුද්ධව කිසිම හඩක් නැගුවේ නෑ කියලත් වසන්ත කිව්වා.

ජවිපෙ සහ රනිල් ඒ වෙලාවේ හිටියේ එකම ස්ථාවරයක බවත්, ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ රනිල්ගේ උවමනාව ජවිපෙ උවමනාව එක්ක සමපාත උන බවත් වසන්ත කිව්වා. එජාප ජවිපෙ උවමනාව එකම දේශපාලන සමීකරණයකට අරන් වසන්ත පෙන්නුවා.වසන්තගේ ඒ කතාවට ජවිපෙ පැත්තෙන් තවම උත්තර දීලා නැතත් ජවිපෙට හිතවත් සමාජ මාධ්‍ය වසන්තව වටකරගෙන ගහන්න පටන් අරන්.වසන්ත සහ සජිත් අතර තියන එකඟතාවයක් ගැන කියමින් වසන්තට ගහනවා. මීට ඉස්සෙල්ලත් අනුර – රනිල් එකඟතාවයක් ගැන පෙරටුගාමින් කියද්දී සජබ – පෙරටුගාමින්ගේ එකඟතාවයක් ගැන ජවිපෙ කිව්වා. රටේ රාළ ඔය චෝදනා දෙකෙන් එකක්වත් සම්පුර්ණයෙන් බැහැර කරන්නේ නෑ. අරගලයට එල්ල උන රාජ්‍ය මර්ධනයේදී බොහොම පැහැදිලිව ජවිපෙ මඟ හරිමින් රනිල් පෙරටුගාමින් මර්ධනය කරන හැටි අපි දැක්කා.රටේ රාළත් ඒ ගැන කිව්වා.

ජවිපෙ සහ සජබ බලු පොරයේදී සජබ වේදිකාව පැත්තෙන් ජවිපෙට එල්ල උන චෝදනා සජබයට වෙනත් පාර්ශවයකින් හම්බ වෙච්චි ඒවා බවත් පැහැදිලියි. දැන් තත්වය සම්බන්ධව පෙරටුගාමින්ගේ සහ ජවිපෙ අභයන්තරයෙන් එන ආරංචි එච්චර හොඳ නෑ. ගොඩක් වෙලාවට අන්තරේ සහ ජවිපෙ ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් හටගන්න පුළුවන්. ජවිපෙ සමාජවාදී ශිෂය සංගමයේ නායකයින් මේ වෙනකොට ලංකාවේ නෑ කියලයි ආරංචි.ඒ නිසා සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ ජවිපෙ අතර මේ ගැන පුර්ණ සාකච්චාවක් වෙලා නෑ. ජවිපෙ අභ්‍යන්තර වශයෙන් කරපු සමාලෝචනයක් ඇතුලේ තමයි බිමල් අන්තරේට ප්‍රහාර එල්ල කරන්නේ. ඇත්තටම මේ සැරේ අන්තරේ බලය සමාජවාදී ශිෂය සංගමයට ගන්න ජවිපෙ සැලසුම් කරලා තියනවා.ඒ සැලැස්ම කලින්ම පෙරටුගාමින් අතට පත් වෙලා.ඒ අනුව තමයි පෙරටුගාමින් තැන් වෙනස් කරකර ඇවිත් තියෙන්නේ. ගොඩක් තැන්වලදී පෙරට්ටන්ගේ ලණුව ජෙප්පෝ කාලා.

පරංගියා කෝට්ටේ ගියා වගේ ජෙප්පෝ වටේ යවලා පෙරට්ටෝ වැඩේ කරගෙන.කොහොම උනත් තවමත් විශ්ව විද්‍යාල ඇතුලේ ජවිපෙට වඩා බලයක් පෙරටුගාමින්ට තියෙනවා. ජවිපෙ තක්සේරුව වෙලා තියෙන්නේ අන්තරේ බලය ජවිපෙට තිබුණා නම් දැන් දේශපාලන වශයෙන් ජවිපෙ මීට වඩා ගොඩක් ඉහල තැනක ඉන්නවා කියලයි. ඒ තත්වය නැතිවීමෙන් ජවිපෙ වගේ පක්ෂයක් කරන්නේ ඒ තත්වය ඇති කරපු පෙරටුගාමින්ට තියන වෛරය උපරිම තැනට ගේන එකයි. පෙරටුගාමීනුත් එහෙමයි.තමන්ගේ අවස්ථාව උදුරා ගන්න එන එකා සම්බන්ධව තියෙන්නේ නොසන්සිදෙන වෛරයක්. දෙගොල්ලන්ට අනුව දෙගොල්ලොම පන්ති හතුරෝ.ප්‍රති විප්පවවාදීන්. ඒකයි රටේ රාළ කියන්නේ ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ අන්තරේ අතර ගැටුමක් හටගන්න තියන සම්භාවිතාවය ගොඩක් වැඩියි කියලා. මොකද ඒ තත්වය උදා වෙන්න පෙරටුගාමින් විසින් ඉදිරියේදී තෝරන්න නියමිත දේශපාලන ක්‍රියාමාර්ගත් බලපානවා.පෙරටුගාමින්ට අනුව සියලු ප්‍රශ්නවලට විසදුම තියෙන්නේ අරගලය ඇතුලේ.

ගෝල්ෆේස් අරගලය ඇතුලේ පෙරටුගාමින් හිටියේ ජවිපෙට වඩා ගොඩක් ඉස්සරහින්. ඒ අන්තරේ හයියෙන්.ඇත්තටම අරගලයේ ගිනිසිළුව තිබුණේ පෙරටුගාමින් අතේ.ඒත් අද වෙනකොට පෙරටුගාමින්ට වඩා ජවිපෙ දේශපාලන වශයෙන් පිම්මක් පැනලා.ජවිපෙ මේ දේශපාලන ජයග්‍රහණය පෙරටුගාමින් විග්‍රහ කරගන්නේ තමන්ගේ ජයග්‍රහණය උදුරා ගැනීමක් විදිහටයි.ඒක නිසා නැතිවුන අවස්ථාව නැවත ගන්න පෙරටුගාමින් සැලසුම් හදනවා.ඒ සැලසූම වෙන්නෙත් මහපාරේ අරගලයම තමයි.හැබැයි එතනදී එයාලට බරපතල ප්‍රශ්නයක් තියනවා.එකක් ඒ වෙනුවෙන් ලොකු පිරිස් බලයක් එයාලට නෑ. ඒ වගේම ආරක්ෂක අංශවල වැඩිම අවධානය යොමුවෙලා තියෙන්නේ පෙරටුගාමින් ගැන.ඒක නිසා පෙරටුගාමින්ට අද වීදි සටන කියන එක ලේසි නෑ. රටේ රාළට එන තොරතුරුවලට අනුව නං පොරටුගාමින් ඊළග අරගලය සැලසුම් කරන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය කේන්ද්‍ර ගත කරගෙන. ඒ ගැන ඉවක් දැනටත් ජවිපෙට සහ රාජ්‍ය බුද්ධි අංශවලට ඇති.

රටේ රාළ හිතන්නේ ඒ තොරතුරු පදනම් කරගෙන තමයි පහුගිය දවස්වල විශ්ව විද්‍යාල අවට ආරක්ෂාව දැඩි කරලා තිබුණේ. රටේ රාළ කියන්නේ දැන් අන්තරේ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය ජෑම් වෙලා කියලයි.දෙපැත්තේම ඔත්තුකාරයෝ දෙපැත්තේම ඉන්නවා. සමහරු පහුගිය කාලේ අඳුරගෙන අන්තරෙන් නෙරපලත් තියනවා.ඒ වගේම ඔය දෙපැත්තේම රාජ්‍ය බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා. එතනදී ජවිපෙ පැත්තෙන් රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු යන්න තියන ඉඩ රටේ රාළ බැහැර කරන්නේ නෑ.මේ දෙගොල්ලන්ගේ සටනින් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයටවත්, ලාංකික සමාජයටවත් යහපත් දෙයක් නං වෙන්නේ නෑ. මේකෙන් වෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය බිඳ වැටෙන එක විතරයි.රටේ රාළ කියන්නේ මේ වෙලාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් බුද්ධීමත්ව කටයුතු කරන්න ඕනි. ඇත්තටම විශ්ව විද්‍යාල ඇතුලේ තියන මේ තක්කඩි දේශපාලන සංස්කෘතිය අතුගාලම දාන්න ඕනි.

ඒක කරන්න ඕනි මර්ධනයෙන් නෙවෙයි ශිෂ්‍ය ප්‍රජාව අතර එයාලා ප්‍රතික්ෂේප කිරීමෙන්. කොහොම උනත් විශ්ව විද්‍යාල ඇතුලේ ඉන්න බහුතරයක් ශිෂ්‍ය,ගිෂයාවන් මේ වැඩවලට එකඟ නෑ. ඇත්තටම එයාලා ප්‍රචණ්ඩත්වයෙන් යටකරලා තියෙන්නේ. විශ්ව විද්‍යාල පදනම් කරගත්ත අලුත් සටනකට අන්තරේ සුදානම් වෙන බව පේනවා.එයාලා ඉස්සෙල්ලාම හදන්නේ විශ්ව විද්‍යාල පද්ධතියට අනන්‍ය සටන් පාඨය ටික උස්ස ගන්න.මේ වෙලාවේ අන්තරේට විශ්ව විද්‍යාල ඇතුලේ තියන විරෝධය සමනය කරගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට, නිදහස් අධ්‍යාපනයට අදාල සටන් පාඨ ටික උඩට ගන්න ඕනි. මහපොල වැඩි කරලා ඉල්ලන්න ඕනි. නේවාසිකාගාර ප්‍රශ්නය උඩට ගන්න ඕනි.ඇත්තටම ඒ සටන් පාඨ සාධාරණයි. හැබැයි ඒවා ඉස්සරහින් දාගෙන අන්තරේ එන්නේ පෙරටුගාමින්ගේ දේශපාලන කොන්ත්‍රාත්තුව කරන්න. ඊළගට ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය එන්නේ ඒ ව්‍යාපෘතිය කඩා කප්පල් කරලා අන්තරේ බලය ජවිපෙට අරන් දෙන්න,

ඉතින් මේක ලේවැකි සටනක් වෙයිද? රටේ රාළ වගකීමෙන් ඉල්න්නේ මෙතනින් නිර්මාණය වෙන තක්කඩි දේශපාලන උවමනාවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බිලිදී දෙන්න එපා කියලයි.සමස්ථ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවටත් එයාලගේ දෙමව්පියන්ටත් රටේ රාළ අනතුරු අඟවනවා නිරන්තරයෙන් තමන්ගේ දරුවන් ගැන විමසිල්ලෙන් ඉන්න කියලා.ඊළඟට පාලකයන් විශ්ව විද්‍යාල ඇතුලේ තියන අධ්‍යාපනයට අදාල ප්‍රශ්න ටික විසදනවා නම් ජවිපෙටවත්,පෙරටුගාමින්ටවත් බොරදියේ මාළු අල්න්න බෑ.ඒකත් පාලකයෝ මතක තියා ගත්තොත් හොඳයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan