*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දෙනවා – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

මාන්කුලම් මූලික රෝහලේවෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (26) විවෘත කෙරිණි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව රුපියල් මිලියන 4500 ක වියදමින් යුතුව ඉදිකර තිබේ.

උතුරු පළාතේ විශාලතම වෛද්‍ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය වන මෙය මානසික වෛද්‍ය පුනරුත්ථාපන ඒකකයක්, හදිසි අනතුරු ඒකකයක්, ශල්‍යාගාරයක්, රසායනාගාරයක්, විකිරණ ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විතය.

එම උත්සව අවස්ථාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අද මෙම වෛද්‍ය ඒකකය විවෘත කරන අවස්ථාවේදී මෙහි පසුබිම පිළිබඳ සඳහන් කළයුතුයි. යුද්ධය නිසා උතුරු පළාතේ නැවතුන සේවාවන් යළි නගා සිටුවීමේ මූලික කටයුතු 2009 වසරේ යුද ජයග්‍රහණයෙන් පසු එවකට පැවති රජය විසින් ආරම්භ කළා.

එම පළමු අදියරේ වැඩකටයුතු අවසන් වු නමුත් මෙම සියලු අංශවල ඉදිරි ගමන වෙනුවෙන් දෙවන අදියරක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වුණා. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් නව වෛද්‍ය ඒකක ඇති කිරීම සඳහා මම අග්‍රාමාත්‍යවරයා ලෙස නෙදර්ලන්ත රජය සමග සාකච්ඡා කළා. එම අවස්ථාවේ උතුරු පළාත් සභාවේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙම කටයුතු සමඟ සම්බන්ධ වුණා.

යුද්ධයට පෙර, කොළඹට පසු හොඳම සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ යාපනයයි. බස්නාහිර පළාත දියුණුවිමත් සමඟ දකුණු පළාත සහ මධ්‍යම පළාත දියුණු වුණා. මගේ අරමුණ වන්නේ උතුරු පළාතද නැවත එම තත්ත්වයට ගෙන ඒමයි. මෙම රෝහල් පිළිබඳ විශේෂ උනන්දුවකින් යුතුව කටයුතු කරනු ලබන්නේ ඒ නිසයි.

ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කර ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලක් ඉදිකිරීම වෙනුවෙන් 2017 වසරේ දී මා අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් වෙන් කළා. අද මෙම විවෘත කිරීම සඳහා සහභාගිවීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මම ජනාධිපති ධුරය භාර ගැනීමෙන් පසු මෙම වැඩකටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට දැනුම් දුන්නා. දැන් උතුරු පළාත තුළ නවීන රෝහල් තිබෙනවා.

යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා. ඒ වගේම මන්නාරම රෝහල දියුණු කිරීමටත්, වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමටත් කටයුතු කරනවා. රාගම රෝහලට පසුව මෙම නවීන යන්ත්‍රෝපකරණ තිබෙන එකම රෝහල මාන්කුලම රෝහල බවද සඳහන් කළ යුතුයි.

රාගම රෝහල ආරම්භ කළේ යුද්ධය නිසා ආබාධිත වූ පිරිස වගේම මානසික ගැටළු තිබූ අය වෙනුවෙන් සත්කාර කිරීමටයි. යුද්ධයෙන් පීඩාවට පත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් රාගම රෝහල වැනි නවීන රෝහලක් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.

මෙම උතුරු පළාතට හිමි වූ රෝහල් ඒකක 04 සතුව තිබෙන උපකරණ ලංකාවේ බොහෝ රෝහල්වල නැහැ. මෙම උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ වෙනුවෙන් රෝහල් පරිපාලනය සහ රෝහල් කළමනාකරණයේ මූලිකත්වය ගත යුතුයි. කියුබාව රටක් ලෙස සෞඛ්‍ය සේවාවන්වලදී ඉදිරියෙන් සිටින්නේ රෝහල් පරිපාලනය සහ කළමනාකරණය හොඳ මට්ටමක පවතින නිසයි. එම නිසා රෝහල් කළමනාකරණය සහ පරිපාලනය උසස් තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ආසියානු සංවර්ධන අරමුදල මඟින් ප්‍රතිපාදන ලබා ගත හැකියි.සුභවාදී සෞඛ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම මෙම සෑම කටයුත්තක් තුළින්ම අප බලාපොරොත්තු වන බව ද කිවයුතුයි”

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හො බැක් මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan