ආඩම්බරෙන් බදු ගෙවන්න එන්න – දේපළ ගැසට්ටුව ගැන කරුණු පැහැදිලි කරමින් මුදල් රාජ්‍ය ඇමති කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට පුරවැසියන්ගේ සහ රාජ්‍ය ආයතනවල නිශ්චල සහ චංචල දේපළ පිළිබඳ තොරතුරු 2024 ජුලි 01 වනදා සිට නිතිපතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ඉඩම් සහ දේපළවල අයිතිය පිළිබඳ තොරතුරු, දේපළ විකිණීම, ලියාපදිංචි කළ බදු ගිවිසුම්, කොටස් වෙළඳපල අයිතිය පිළිබඳ තොරතුරු යනාදිය සෑම පුරවැසියෙකුම සහ රාජ්‍ය ආයතනයක්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබාදිය යුතුව ඇත.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

“මේක ලෝකේ හැම තැනකම ආදායම් බදු නීතියේ තියෙන කාරණාවක්. අපේ රටේත් ආදායම් බදු නීතියේ මේක පැහැදිලිවම තියෙනවා, තෙවැනි පාර්ශ්වයකින් තොරතුරු ලබාගැනීමේ අයිතිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට තියෙනවා. මේක ඉතින් හැමදාම ආදායම් පනතේ තිබුණු කාරණාවක්. වැඩක් ක්‍රමානුකූලව කරලා ක්‍රියාත්මක කිරීම තමයි මේ සිද්ධ වෙන්නෙ. මේවා ක්‍රියාත්මක නොකළ නිසා තමයි රාජ්‍ය ආදායම ඉතාම අඩුවෙලා මහා ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට වැටුණේ. මේවා අතීතයට ගිහිල්ලා මේ පීඩාවට පත්වෙච්චි සමාජය තවත් පීඩාවට කිරීමේ බලාපොරොත්තුවක් මේවායේ නෑ. අනාගතයේ අපි හරියට යමු. අපි හැම කෙනෙක්ටම මම ආරාධනා කරන්නෙ මේ රාජ්‍ය ආදායමේ තමන්ට ආඩම්බරයෙන් බදු ගෙවන්නෙක් හැටියට කොටස්කරුවකු බවට පත්වෙන්න. ජුලි මාසෙ පළවෙනිදා ඉඳන් හෝ අපි නිවැරදිව මේ කටයුතු ටික කරගෙන යමු”

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...