ක්ලාක් එල්පීඑල් තානාපති තනතුරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 27, කොළඹ (LNW): මයිකල් ක්ලාක් මෙවර එල්පීඑල් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස පත් කර ඇත.ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සෑම ආකෘතියකම නායකත්වය දරා ඇති ජයග්‍රාහී නායකයෙකු මෙන්ම තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ විශිෂ්ඨ ක්‍රිඩකයෙකු ද වන්නේය.


ලාංකේය ක්‍රීකට් ලෝලීන්ට මෙරටදී ක්ලාක් පළමු වරට දැක ගන්නට ලැබෙන්නේ 1999 – 2000 වසරවල ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුණ අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී ය.එවිට ඔහු ඔස්ට්‍රේලියානු 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාවට පැමිණියේය.ඔහු එවර ශ්‍රී ලංකාව ඉදිරියේ ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ලෙසින් ද සාර්ථක වූයේ නැත.


එහෙත් කාලය විසින් ඔහු අතිශයින් සාර්ථක ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද කළේය.ලෝකයේ සෑම ආකෘතියකම ක්‍රිකට් වල ඔස්ට්‍රේලියාව පෙරමුණේ තබන්නට ඔහුට නායකයෙකු ලෙස හැකියාව ලැබිණ.එසේම ක්‍රීඩකයෙකු ලෙස ද ලෝකයේම අවධානය දිනා ගත් විශිෂ්ඨයෙකු විය.ඒ අතරින් 2015 දී ඔහු එක්දින ලෝක ක්‍රිකට් කුසලානය ඔස්ට්‍රේලියාවට දිනා දෙන්නට නායකත්වය ලබා දුන්නේය.


ක්ලාක් ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගාවලියේ සන්නාම තානාපතිවරයා වීමෙන් ඉනික්බිතිව පවසා ඇත්තේ, තමා ක්‍රීඩා කිරීමට කැමති රටක් වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොඉවසිල්ලෙන් බලා සිටින බවත්.එයට මේ ආකාරයට සහභාගිවීමට ලැබිම ගැන වඩාත් සතුටු වන බවත්ය.


තරගාවලියේ නිල සම මෙහෙයුමට භාරව සිටින අයිපීජී සභාපති අනිල් මොහාන් මෙන්ම තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවල ද පෙන්වා දෙන්නේ මයිකල් ක්ලාක්ගේ සහභාගීත්වය තරගාවලියේ බලාපොරොත්තු සපල ගැන්වීමට ප්‍රබල උත්තේජනයක් වනු ඇති බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...