අපි බංකොලොත් රටක් බාර අරන් මාස හයක් යද්දී ගොවි ජනතාවට ලක්ෂයේ ගොඩවල් හත් ලක්ෂ අසූදාහක් වෙන්කළා – TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ආණ්ඩුව බංකොලොත් රටක් භාරගෙන මාස හයක් ගතවෙද්දී ගොවි ජනතාව වෙනුවෙන් පමණක් රුපියල් 78,000,000,000 ක් වෙන්කළ බවත් ඒවායෙහි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“ආණ්ඩුවට බලය දීලා මාස හයක් වෙනවා, ආණ්ඩුව මොකද කරන්නෙ කියලා ලොකු කතාබහක් යනවා. බංකොලොත් වෙලා තිබ්බ රටක බලය අරගෙන මාස හයක් යනකොට ගොවි ජනතාව වෙනුවෙන් වෙන්කරපු මුදල ලක්ෂයේ ගොඩවල් හත් ලක්ෂ අසූදාහක්. ඒවගේ වැඩපිළිවෙලවල් ගොඩාක් එනවා. ඒ නිසා අපි ජන ජීවිතය සංවර්ධනය කරන්න විවිධ සංවර්ධන ව්‍යාපෘති මේ ඉදිරි අවුරුදු දෙක තුන හතරට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 26) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...