අපි බංකොලොත් රටක් බාර අරන් මාස හයක් යද්දී ගොවි ජනතාවට ලක්ෂයේ ගොඩවල් හත් ලක්ෂ අසූදාහක් වෙන්කළා – TB

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම ආණ්ඩුව බංකොලොත් රටක් භාරගෙන මාස හයක් ගතවෙද්දී ගොවි ජනතාව වෙනුවෙන් පමණක් රුපියල් 78,000,000,000 ක් වෙන්කළ බවත් ඒවායෙහි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“ආණ්ඩුවට බලය දීලා මාස හයක් වෙනවා, ආණ්ඩුව මොකද කරන්නෙ කියලා ලොකු කතාබහක් යනවා. බංකොලොත් වෙලා තිබ්බ රටක බලය අරගෙන මාස හයක් යනකොට ගොවි ජනතාව වෙනුවෙන් වෙන්කරපු මුදල ලක්ෂයේ ගොඩවල් හත් ලක්ෂ අසූදාහක්. ඒවගේ වැඩපිළිවෙලවල් ගොඩාක් එනවා. ඒ නිසා අපි ජන ජීවිතය සංවර්ධනය කරන්න විවිධ සංවර්ධන ව්‍යාපෘති මේ ඉදිරි අවුරුදු දෙක තුන හතරට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 26) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...