පක්ෂ නායකත්වය පොරොන්දුව ඉටුකළේ නැහැ.පැරදි පැරදී කොහොමද ඉන්නේ.මම ඉල්ලා අස්වුණා – චමින්ද විජේසිරි

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

මේ වන විට පක්ෂයක් ලෙස ජනාධිපතිවරණ දෙකක් මහමැතිවරණ දෙකක් ප්‍රාදේශීය සභා මැතිවරණ දෙකක් සමඟි ජන බලවේගය පරාජය වී ඇති පසුබිමක සිය ආසනයද දිගින් දිගටම පරාජය වීම හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුකිරීමට බලාපොරොත්තු වූ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

තමන්ට වෙනත් ආසනයක් ලබා දෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීම් කර තිබුණ බවත් ඊට පක්ෂයේ නායකත්වය ඇතුළු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම එකඟතාව පළකර තිබුණද පළාත් පාලන මැතිවරණයෙන් පසු එම ඉල්ලීම ඉටුනොවීම මත මෙම තීරණය ගත් බව විජේසිරි මහතා සඳහන් කළේය.

” පසුගිය මහ මැතිවරණයෙන් පසුව මම යෝජනා කළේ බණ්ඩාරවෙල සංවිධායකකමින් මට ඉවත් වෙන්න ඕන කියලා. අන්තිමට තිබුණු මැතිවරණ සියල්ල බණ්ඩාරවෙල පක්ෂය පරාද වුනා. මගේ ආසනය පරාජය වෙනවා නම් ඒ පරාජයට හේතුව මම නම් මාව පිළිගන්නේ නැත්නම් මා ගත යුතු තීන්දුව මම සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමයි. මට වෙන ආසනයක් අවශ්‍ය බව මම නායකතුමාට කිව්වා. මට පොරොන්දුවක් තිබුණා වෙන ආසනයක් දෙන බව.නමුත් ඒක ක්‍රියාත්මක වුනේ නෑ. ඒ නිසා මම බණ්ඩාරවෙල සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වුණා.මේක ආදර්ශයක්. පරාජය වෙන අය ඉල්ලා අස්වෙන්න ඕන ” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර...