ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී!

Date:

කොළඹ LNW:ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණා. චීන මාධය සමූහයයි එය සංවිධාන කළේ.

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන “CMG ජාත්‍යන්තර රොබෝ තරඟ මාලාවේ ” විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් වුණා. මෙවර මානවරූපී රොබෝවරුන්ගේ බොක්සිං සටනක් ලෙස පැවැත්විය.

මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වන ලොව ප්‍රථම සටන් තරඟය වන අතර, එය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් ද වනවා. මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා සජීවීව විකාශනය කෙරුණා.

වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේදී පහරදීම්වලට අනුව ලකුණු ලබා දෙනු ලැබුවා. අවසන් වටයේදී තීරණාත්මක දණහිස් පහරක් එල්ල කර ප්‍රතිවාදියා බිම හෙළමින් “AI Strategist” රොබෝ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත් බවයි වාර්තා වන්නේ.

මේ බොක්සිං තරගය අති නවීන රොබෝ තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන විශේෂ අවස්ථාවක්.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?