කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බටහිර කැනඩාවේ ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසලේ හා ඒ අසල නිවසක අද(11)දිනයේදී සිද වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාසල තුළ වින්දිතයින් හය දෙනෙකු මියගොස් සිට ඇති අතර තවත් අයෙකු රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් තිබේ. මෙය දශක ගණනාවකින් කැනඩාවේ සිදු වූ මාරාන්තිකම පාසල් වෙඩි තැබීම බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පාසල මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර ඒ අසල නිවසකද පුද්ගල මළ සිරුරු දෙකක් හඳුනාගෙන ඇත. වෙඩි තැබූ බවට චෝදනා ලැබූ පුද්ගලයා සියදිවි නසාගෙන සිටියදී පාසල් ගොඩනැගිල්ලෙන් සොයාගෙන තිබු අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් කැනඩා අගමැති මාර්ක් කාර්නි සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...