නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් යන අයට විශේෂ නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ LNW :

නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත.

නුවරඑළිය පොලීසිය පැවසුවේ, ගස් කඩා වැටීම හේතුවෙන් අද අලුයම එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබූ බවයි.

නුවරඑළිය ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ග්‍රෙගරි වැව ඉදිරිපිට ගැමුණු මාවතට එම ගස් කඩා වැටී තිබුණි. 

පොලීසිය පැවසුවේ,පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරිමෙන් අනතුරුව නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කළ බවයි.  

පවතින වර්ෂාවත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...