ඉන්ධන නිකුත් කිරීම සීමා කරන්නෙ ආයෙ තෙල් මිල වැඩි කරන්න – ආනන්ද පාලිත

Date:

ඉදිරි සති දෙකක කාලය තුළ ඉන්ධන මිල යළිත් ඉහළ යෑමට ඉඩ තිබෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

තෙල් සංස්ථාව මගින් දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇති බවත්, එසේ සීමා කර තිබෙන්නේ මිල ඉහළ දැමීමේ අරමුණින් බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ජනතාවට දින ගණන් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවෙන් තෙල් සංස්ථාව දහස් ගණන් ජනතාව දින ගණන් පෝලිම්වල රස්තියාදු කරන බවයි.

මේ වනවිට බොරතෙල් නැවක් පැමිණ ඇති නමුත් නෞකාවේ අඩංගු බොරතෙල් ගොඩබෑම දිගින් දිගටම ප්‍රමාද කර ඇති බවත් නෞකාවට ගෙවීමට ඇති ප්‍රමාද ගාස්තු පමණක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 33 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආනන්ද පාලිත මහතා පවසනවා. එම මුදල් ප්‍රමාණය ගෑස නෞකාවක් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් වන බවද ඔහු ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...