ඉන්ධන නිකුත් කිරීම සීමා කරන්නෙ ආයෙ තෙල් මිල වැඩි කරන්න – ආනන්ද පාලිත

Date:

ඉදිරි සති දෙකක කාලය තුළ ඉන්ධන මිල යළිත් ඉහළ යෑමට ඉඩ තිබෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

තෙල් සංස්ථාව මගින් දෛනිකව නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කර ඇති බවත්, එසේ සීමා කර තිබෙන්නේ මිල ඉහළ දැමීමේ අරමුණින් බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ජනතාවට දින ගණන් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවෙන් තෙල් සංස්ථාව දහස් ගණන් ජනතාව දින ගණන් පෝලිම්වල රස්තියාදු කරන බවයි.

මේ වනවිට බොරතෙල් නැවක් පැමිණ ඇති නමුත් නෞකාවේ අඩංගු බොරතෙල් ගොඩබෑම දිගින් දිගටම ප්‍රමාද කර ඇති බවත් නෞකාවට ගෙවීමට ඇති ප්‍රමාද ගාස්තු පමණක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 33 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආනන්ද පාලිත මහතා පවසනවා. එම මුදල් ප්‍රමාණය ගෑස නෞකාවක් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් වන බවද ඔහු ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...