ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන අතර මැතිවරණය කැඳවුවහොත් විපක්ෂයෙන් ඒකාබද්ධ ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව හිටපු අමාත්ය රාජිත සේනාරත්න පැවසුවේය.
හිටපු අමාත්යවරයා මේ බව පැවසුවේ අද (27) ජන මතයට හිස නමනු, පළාත් සභා මැතිවරණය වහා පවත්වනු! මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවති මාධ්ය හමුවේදීය.
පැරණි ක්රමයට පළාත් සභා පැවැත්වීමට විපක්ෂයේද ඒකමතික සහය හිමිවන බව සේනාරත්න මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නේ පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපැවැත්වීමට බව ද හිටපු අමාත්යවරයා ප්රකාශ කරන ලදී.
”ඇත්තටම මේ පළාත් සභාවල ප්රශ්නයක් තියෙනවා නම් පිහිටුවීම සඳහා, එතකොට මේ ටිල්වින් කියනවා එක පැත්තකින්, ටිල්වින් සහෝදරයා කියනවා, “පළාත් සභා මේ අවුරුද්දේ දෙන්න බැහැ” කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ යථාර්ථය. අනික ටිල්වින් සහෝදරයා එදත් හිටියේ මේකට “දෙන්න බැහැ” කියන මතයේ.
එතකොට අපේ වෛද්ය නිහාල් අබේසිංහ, අපේ මිත්රයා කියනවා, “නැහැ, දෙන්න පුළුවන්” කියලා. මේ කරන්නේ මොකද, ඒ පක්ෂය ඇතුළෙත් මතයක් නැහැ, මොකද මේ කියන්නේ, “මේක නොතියා ඉන්න”. මේක ලොකු ප්රශ්නයක් නෙවෙයි මේක තියෙන එක. මේක තියන්න ඔක්කොම කාරක සභා ඕනේ නැහැ, හරි මේ තියෙන එක නරකයි කියමුකෝ, ඉස්සෙල්ලා ඒක ගේන්න, එන සුමානයේ පාර්ලිමේන්තුවට ගෙනැල්ලා මේක ඉදිරිපත් කරලා, තුනෙන් දෙකක් බලය තියෙනවා, තුනෙන් දෙකක අත් උස්සනවා. මම හිතන්නේ අපේ සියලුම විපක්ෂය කට්ටියත් අත උස්සයි. ඒකමතිකව තීන්දු කරනවා පැරණි ක්රමයට පළාත් සභා තියෙනවා කියලා. ඕන නම් සංශෝධනයක් ගේනවා ඒකේ කාන්තාවන්ගේ අයිතිය සඳහා.
මේවා ගැන ඔච්චර කතා කර කර, ‘පැෆරල්’ එකේ රැස්වීම්වලට සහභාගී වෙලා විතරක් නෙවෙයි තියෙන්නේ, පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ කාර්යභාරය කරගන්න. තියන්න පළාත් සභාව! අපි අභියෝග කරනවා පළාත් සභාව තියන්න කියලා ආණ්ඩුවට. පළාත් සභා තිබ්බොත් අපි විපක්ෂයෙන් ඒකාබද්ධ ලැයිස්තුවක් ගේනවා. ඒ ලැයිස්තුවට එන්නේ නැත්නම් ඔවුන් මේ රටේ ද්රෝහීන් බවට පත්වෙනවා.
අපිට සන්ධාන, අරවා මේවා ඕනේ නැහැ. ඒවා ගහන්න ඕනේ නැහැ, එක පොදු ලැයිස්තුවක්. අර සමුපකාරයට අපි ඉදිරිපත් වුණා වගේ, පළවෙනි සමුපකාරය අපි ඉදිරිපත් වුණේ බේරුවලින්, අපි ජයග්රහණය කරලා පෙන්නුවා. සමුපකාර ඡන්දෙට වගේ එක පොදු ලැයිස්තුවක් ගත්තා, අපි සටන් කරා. උතුරෙත් ඒක කරන්න හැකියි උතුරු නැගෙනහිරත් මිත්රවරුන්ට.
ඒ නිසා අපි කියනවා බොරු කරන්නේ නැතුව, මේ ලෙයින්, දහඩියෙන්, කඳුළෙන් සහ ජීවිතවලින් පරිත්යාග කරලා මේ රටේ බිහි කරපු, ජාතික ප්රශ්නයට විසඳුමක් වන මේ පළාත් සභා මැතිවරණය වහාම තියන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”ය
නුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


