Volodymyr Zelenskiy ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වෙත පැමිණෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වෙත පැමිණ තිබෙන බව Bloomberg පවසයි.

එහිදී ඔහු ස්පාඤ්ඤ අගමැති Pedro Sanchez ව හමුවීමට සහ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර එමඟින් ස්පාඤ්ඤය යුක්‍රේනය වෙත යුරෝ බිලියන 1.13 (ඩොලර් බිලියන 1.23) වටිනා ආයුධ සපයනු ඇති බව පැවසේ.

ස්පාඤ්ඤයට පැමිණි යුක්‍රේන ජනාධිපතිව ෆෙලිපේ රජු, බරාජාස් ගුවන් තොටුපළේදී පිළිගෙන ඇති බව සඳහන් වේ.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskiy ස්පාඤ්ඤ අගමැති Pedro Sanchezwaව හමුවීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වනු ඇති බව පැවසේ.

ස්පාඤ්ඤය විසින් යුක්‍රේනයට ගුවන් යානා නාශක මිසයිල, යුද ටැංකි සහ ඩ්‍රෝන් නාශක ආම්පන්නද මෙම ආයුධ ගිවිසුම යටතේ ලබා දීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...