නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි!

Date:

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ගොණු කළ පෙත්සම සලකා බැලීම සදහා දින නියම කර තිබේ.

ඒ අනුව එම පෙත්සම එළඹෙන ජූලි 25 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

මෙම පෙත්සම ගොණු කර තිබෙන්නේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසකි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) එම පෙත්සම කැඳවා තිබුණු අතර එහිදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් විරෝධතා ගොණු කිරීමට දිනයක් ඉල්ලා සිටි අතර එම විරෝධතා ජුනි 25 වනදා හෝ ඊට පෙර ලබා දෙන ලෙසයි නියෝග කෙරුණේ.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...