චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ සාකච්ඡාවක්!

Date:

කොළඹ LNW:චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡාව පැවැත්වේ. සංවාද මාර්ගයෙන් අනවබෝධයන් දුරු කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබෙනවා.

එසේ ම, මෙහිදී ඇමරිකාව චීනය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කර ඇති ප්‍රකෝපකාරී ක්‍රියාවන් වෙත චීනය දැඩි සැලකිල්ල දක්වා ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්‍ර අයිතිවාසිකම් වෙත ගරු කර චීනය හා අසල්වැසි රටවල් අතර පවතින මුහුදු මායිම් සම්බන්ධ මතභේදවලට අනිසි බලපෑම් එල්ල නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

එමෙන්ම ‘තායිවාන ස්වාධීනත්වය’යන්න තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වයට එල්ල කරන දැවැන්තම තර්ජනය බව චීනය පවසනවා.

‘තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන්කිරීම’ට සහාය නොවන ඇමරිකාවේ ප්‍රතිඥාව අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද චීනය එහිදී අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...