*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පාපන්දු සෙල්ලමක් නොවී සංස්කෘතියක් වන පියවරක්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 28, කොළඹ (LNW): ලයිකා මොබයිල් ලොව පරසිදු නාමයකි.එසේම එහි ඇති පාපන්දුමය ඥාතීත්වය ද සුළු නැත.යුරෝපයේ එකසත් රාජධානියට මෙන්ම ප්‍රංශයට ද බැදුණු ඒ් අනුග්‍රාහක ඥාතීත්වයන් ගැන අප දීර්ඝ ලෙස මේ සටහනට අලවා නොතබන්නෙමු.එම අනුග්‍රාහකත්වයේ මාතෘ නෑකමක් බවට හැඳින්විය හැකි එහි හිමිකරුවන්ගේ මාතෘ භූමියේ පාපන්දුවට ලයිකා ඥාණම් පදනමේ මිත්‍රශීලී අනුග්‍රාහකත්වය හිමිවීම යම් කිසි ආශ්චර්යමත් අත්දැකීමක් වැනිය.


සුභාෂ්කරන් අලිරාජා වැන්නන් ලංකාවෙන් බිහිව ලෝකයට පිවිසි ව්‍යාපාරිකයෝ යන්න සත්‍යයකි.එහෙත් ඒ පෙකණිවැල බිඳුණු බිමට එහා තිබෙන දියුණු සංස්කෘතික පසුබිමක කරන අනුග්‍රහවලට එහා ගිය වෙනස් ලක්ෂණ ලංකාවේ පාපන්දු අනුග්‍රහයේ ඇත.මන්ද මෙහි ක්‍රීඩාව වෙනුවට ක්‍රීඩාවේ දියණුව වෙනුවෙන් ඊට බැදුණු සංස්කෘතියක් ද නිර්මාණය කර දිය යුතුව ඇත.ක්‍රීඩාව සංස්කෘතික පිහිටීමක කේන්ද්‍රගතව නොතිබීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ඉදරියට තල්ලු කරගෙන යාමට නොහැකි ප්‍රධානම අභියෝගය බව අපි පිළිගත යුතු වන්නෙමු.


මිලියන 50 ක පමණ මුදලක් වැය වෙන අවුරුදු 19 න් පහළ ජාතික පාපන්දු තරගාවලිය මුදලින් මෙන්ම වැඩෙන්ද විශාල එකකි.නමුත් එහි මූල්‍යමය විශාලත්වයට සෑහෙන විදිහට ගුණාත්මකවද පාපන්දුව පෝෂණය කරන්නට සමාජගත කරන්නට එයින් මෙහෙවරක් සිඳු වන්නේද යන්න විමසා බැලිය යුතුය.
ශ්‍රී ලංකා පාපන්දුව රැදුණු ලීග 55 ක් ඇත.එම එක ලීගයකින් හොඳම කණ්ඩායම් අට අවුරුදු 19 න් පහළ තරගාවලියට එකතු වෙනවා ඇත.එ් අනුව ගත් කළ කණ්ඩායම් 440 කි.එක කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩකයින් 25 ක සංචිතයක් ඇති කරන බැවින් තරගාවලියට මුහුණ දෙන ක්‍රීඩකයින් ප්‍රමාණය 11000 කි.


එම කාරණය හරහා මතුවන කාරණාව වන්නේ රටම ඒ මොහොතට පාපන්දුව කරා යොමු කිරීමට හැකි වීමය.ජූලි මස සිට ඔක්තෝම්බර් මස දක්වා එහි මුල් කාර්තුව මෙන්ම අවසන් කොටස දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වීම නිසා ඒ උණුසුම නොමැකී සමාජය මත රැදී තිබීම වැදගත්ය.ඉනික්බිති මේ ක්‍රීඩකයින් 11000 ක සහභාගීත්වය තිබුණ තරගාවලියේ දක්ෂතා ඇසුරෙන් දිස්ත්‍රික් කණ්ඩායම් 24 ක් සකස් වන අතර එය එකිනෙකා නැවත නැවත හමුවන ආකාරයට වඩාත් දක්ෂයන්ට එකට මුණ ගැසීමට මෙන්ම දස්කම් උරගා බැලීමට ද ලැබෙන අවස්ථාව අතිශයින් වැදගත්ය.ඒ සඳහා සුදුසුකම් ලබන ත්‍රීඩකයින් ප්‍රමාණය 600 ක් වේ.
එසේම මේ වන විට ප්‍රධාන පෙළේ තරගාවලියකට සහභාගි වන කණ්ඩායම්වලට අනිවාර්ය කර තිබෙන එක් කොන්දේසියක් වන්නේ අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයින් තුනකට අවස්ථාව දීමය.ඒ අනුව සුපර් ලීග් ක්‍රිඩා කරන කණ්ඩායම් 10 ට ද,චැම්පියන් ලීග් ක්‍රිඩා කරන කණ්ඩායම් 14 ට ද මේ අවුරුදු 19 න් පහළ දක්ෂයන්ගෙන් එ හිදැස පිරවීමේ අවස්ථාව හිමිවනු ඇත.


ක්‍රීඩාව යම් වෘත්තිමය ඉලක්කයකට ගෙන යාම වෙනුවෙන් හොඳම වයස ලෙස පාසලෙන් ඉවතට පය තබන්නට නියමිත මොහොතේ පාපන්දු ක්‍රීඩකයින්ට ලැබෙන අවස්ථාව නිර්වචනය කළ හැකි අතර එළැඹෙන වසරේ සිට වාර්ෂිකව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත FIFA අවුරුදු 20 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සකසා පෙරට ගෙන යාමට මෙය හොඳ අවස්ථාවක් වනු නිසැකය.


ලයිකා ඥාණම් පදනම සහ ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය දීර්ඝ වශයෙන් මෙම සංකල්පය සහ එහි ක්‍රියාකාරීත්වය රඳවා ගැනීමට සමත්වීමේ සාර්ථකත්වය මත අපට පළමු කොට දැඩි බරක් ඇති සිහිනයක් සිතට ගොනු කර ගැනීමේ ඉඩ ඇත.ඒ අවුරුදු 20 න් පහළ ලෝක කුසලානය නියෝජනය කිරීමය.බර සිහින අඟුණ නැත.කැපවීම සහ කැපවීමේ අවංකත්වය සහ නිවැරදි සැළසුම් සිහින සැබෑ කිරීමට පහසු මාවත් සකස් කරන බවට විවිධ කේෂ්ත්‍ර හරහා ලෝකයෙන් ගත හැකි උදාහරණ බොහෝ වෙති.පාපන්දු ක්‍රිඩාව ගත් විට ද දැවන්ත ආකාරයේ අර්බූදවලින් පිරුණු රාජ්‍යයන් හී පසෙක කුසගින්නේ මිය යන මිනිසුන්ගේ මෘත දේහ ගොඩ නැඟෙන වපසරියක වුව ද,පාපන්දුව රට ලෝකයේ ගෞරවයට පාත්‍ර කරන අයුරු අපි දැක විඳ ඇත්තෙමු.


පාපන්දුව සාමාන්‍ය ජනතාවගේ කුසගින්න මෙන්ම දුප්පත්කමට ද සමාන්තරව ගමන් කළ හැකි ක්‍රිඩාවක් බඳුය.දැවන්ත මානව පීඩාවන් දරාගෙන වේගයෙන් ගෙවන මිනිත්තු 90 ක සියලු දුක්ඛ දෝමනස්ස සෝදා හරින්නට මැවුණු ක්‍රීඩාවක් බඳු පාපන්දු ලෝකයේ වැඩිම පිරිසකගේ ක්‍රීඩාවය.එ් නිසාම ජනතාවගේ ක්‍රීඩාව සේ හැඳින්විය හැකි පාපන්දුවට ද විසිරුණු කරදර පිරුණු රටක දස අත ඒවා අකා මකා අන් ක්‍රීඩාවලට වඩා හිස එසවීමට හැකිය.ඊට ක්‍රීඩාවට ඇති ආදරය සහ ආසාව මෙන්ම කැපවීමෙන් දෙනු ලබන වෙහෙසකාරි නිවැරදි සැළසුම් ද අවශ්‍යය වන්නේය.


මේ මොහොතේ ශ්‍රී ලංකාව තබ ඇති අලුත් පියවරට අනුව විදේශිය අත්දැකීම් සහිත ලංකාවේ ලේ උරුමය ඇති වෘත්තීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ පාපන්දුව ජයග්‍රාහී සහ කීර්තිමත් පෙදෙසකට ඇතුළත් කරමින් ඇත.මේ තරගාවලියට ද අවුරුදු 19 න් පහළ එවැනි ක්‍රීඩකයින් කණ්ඩායම්වලට කැඳවා ගැනීමට හැකිනම් වැඩි කාලයක් පුරා රට ඇතුළත පැවත්වෙන,ලෝක කුසලානයට පිවිසෙන සිහිනයේ තිඹිරි ගෙදරට ඔවුන් ද කැදවීමෙන් වඩාත් විශිෂ්ඨ යෞවනයන්ගේ ක්‍රීඩා තරගාවලියක් සකස් කිරීමට ශ්‍රී ලංකා පාපන්දුවේ සහ ලයිකා ඥාණම් පදනමේ එකතුවට හැකි වනු ඇත.


එහි වෘත්තීය වටිනාකමට හානියක් නොවන්නට කටයුතු කරන්නට යුරොපීය පාපන්දු ක්‍රීඩා සමාජවලට මෙන්ම බොහෝ ක්‍රීඩාවල ක්‍රීඩාවන්ට අනුග්‍රාහකත්වයෙන් දායකවන්නන් වන ලයිකා ඉතා හොඳින් දන්නේය.එසේම සිය මහන්සිය වඩාත් ආලෝකමත් පසුතලයක පවතින්නට ඔවුන් මහන්සි වන්නට කැමති වනු ඇත.
මේ සියල්ල පාපන්දුව ක්‍රීඩාවක් හැටියට පැවතිය යුතු විද්‍යාත්මක තලයෙන් බැහැරව සෙල්ලමක් ලෙස ක්‍රියාත්මක වීමෙන් වඩා විද්‍යානුකූල පසුබිමක සංස්කෘතිමය අනන්‍යතාවක් අත් කර ගනු ඇතැයි සිතිය හැකිය.
අප ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර්ගෙන් විමසා සිටිය අවස්ථාවේ ඔහු පැහැදිළි කළ කරුණුවලට අනුව කණ්ඩායම් 440 ක් හරහා කණ්ඩායම් 24 ක් දක්වා ගෙන ඒමේදීත් ඒ තුළත් පාපන්දු පරිපාලනයේ උපකාරය ඇතුව තරග සංවිධානයේ හැකියාව උරගා බලන්නට තවත් පිරිසකට වගකීම පැවරේය.දැවන්ත ජාතික තරගාවලියක ඒ හැඩ නොබිදෙන්නට ඒවා සංවිධානය කළ යුතු ආකාරය පිළිබද මාර්ගොපදේශනය ශ්‍රී ලංකා පාපන්දුව විසින් දරණු ඇත.ඒ එක ආකාරයකින් ගමේ පාපන්දුවේ වර්ධනය හුදෙක් ක්‍රීඩකයා ඉක්මවා ගමට සමීප වෙන අයුරුය.


එසේම නව පුහුණුකරුවන් මෙන්ම තරග විනිසුරුවන් ද ප්‍රාදේශිය වශයෙන් යෙදවීමට හැකි මට්ටමට මේ තරගාවලිය පුරා අධික්ෂණය තියුණු කරන බව මෙන්ම දක්ෂයන්ගේ දැණුම දියුණු කරන්නට කටයුුතු කරන බව ද ජස්වර් පවසන්නේය.ප්‍රාදේශිය මට්ටමෙන් හොඳ තරගාවලියක් ගුණාත්මක මට්ටමෙන් ආකර්ශණීය ආකාරයට සංවිධානය කිරීමේ සිට අනෙක් ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශවලත්,ක්‍රීඩකයාගේත් දැණුමත්,හැකියාවත් වර්ධනය කිරීමේ කඩඉමක් බවට මේ තරගාවලිය පත්වීම නිසා පාපන්දුව සෙල්ලමකින් සංස්කෘතියක් යන වටිනාකමට සමීප කිරීම මේ තරගාවලිය හරහා සිඳුවනු ඇතැයි සිතිය හැකිය.


මෙය ආරම්භයක්ය.ඒ නිසා වැරදි අඩුපාඩු ඉවසන මට්ටමේ තබාගෙන පෙරට යාම වැදගත්ය.ඒ සම්බන්ධයෙන් දැවන්ත සංස්කෘතික පෙරළියකට එකතුවන පාර්ශව දෙක ද අවධානයෙන් මෙන්ම අවබෝධයෙන් සිටිය යුතුය.කඳු මුදුණකට යන්න පිය ගැට පෙළ කපන පළමු මොහොතේ ඒවා පළුඳු වීම මෙන්ම කඩා වැටීම්වලට ලක්වීම සිඳු විය හැකිය.එහෙත් ඒවා ඉවසීමෙන් සෝදාපාළු වී නොයනු පිණිස ගල්වැටි යොදා සකසා ගැනිමෙන් ස්ථාවර කර ගැනීමට හැකියාව ඇත.එහෙත් කිසිවෙකුත් නොසැළකිල්ලෙන් කඩා දැමීම සහ අත් වැරදීමකින් කැඩී යාම යන්නෙහි වෙනස හඳුනාගන්නට හැකියාව අපට ඇත.ඒ නිසා මේ පාපන්දුවට ලැබුණු මේ සංස්කෘතිකමය මෙහෙයුම පොළවේ යථාර්ථයක් කර ගනිමින් ලයිකා ඥාණම සමඟ රටේ පාපන්දු පෙරට පෙරළා ගෙන ගොස් ලෝකය අභිමුව ජයග්‍රාහී ගෝලයක් ලබනු දැකීම අපි අපේ සිහිනය කරගෙන අවුරුදු 19 න් පහළ තරගාවලියට සුබ පතන්නෙමු.!

ඡායාරූප ස්තූතිය – සමන් අබේසිරිවර්ධන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan