77 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ඇරඹේ!

Date:

කොළඹ LNW:77 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ආරම්භ වී තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (27) එය ආරම්භ වුණා.

“සියල්ල සෞඛ්‍යය සඳහා – සියලුදෙනා වෙනුවෙන් සෞඛ්‍යය” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

සය දින සමුළුව අතරතුර,ලෝක සෞඛ්‍ය සංවිධානයේ 14 වැනි කාර්ය සැලැස්ම අනුමත කෙරෙනු ඇති.

2025 වසරේ සිට 2028 වසර දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සෞඛ්‍ය උපායමාර්ගය වන මෙමගින්, කාලගුණික විපර්යාස, ජනගහණය වයස්ගත වීම,සංක්‍රමණය සහ තාක්ෂණික දියුණුව වැනි ප්‍රවණතා සෞඛ්‍යය හා යහපැවැත්ම කෙරෙහි බලපාන ආකාරය කෙරෙහි අවධානය යොමුකෙරෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා සමුළුවේ සමාරම්භක උත්සවයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේශනයක් පවත්වමින් කියාසිටියේ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුව, ගෝලීය සෞඛ්‍ය අභියෝග රැසකට විසඳුම් සෙවීමේ අවස්ථාවක් බවයි.

එසේම එය, අනාගත අර්බුදවලට මුහුණ දීමට අවශ්‍ය නිසි ප්‍රතිපත්ති හා ක්‍රමවේද සකසමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් බව ද ඔහු පැවසුවා.

සෞඛ්‍යය ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම ලොවට ප්‍රතිලාභ ලබා දෙන අතර ගෝලීය සෞඛ්‍ය සහයෝගිතාව ක්‍රියාත්මක කිරීම සියලු රටවල අයිතිවාසිකම්වලට අනුකූල වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා සිය දේශනයේ දී කියාසිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලු දෙනාට ඉහළම සෞඛ්‍ය මට්ටම ළඟා කර ගැනීමට සහාය වනු ඇතැයි ද ඔහු පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...