ගාසාහි ළමා අරමුදලට රු. මි. 127ක් පරිත්‍යාග අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය!

Date:

2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඒ සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙය ආරම්භ විය.

ගාසා තීරයේ පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ දුක්ඛිත තත්ත්වය විශේෂයෙන් ජලය, ආහාර හා වෛද්‍ය පහසුකම්වල හිඟය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති අනේකවිධ දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස මානූෂීය මට්ටමින් අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ අනුව ගාසා තීරයේ ළමුන්ගේ සහන කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් පසුගිය ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන විසින් වෙන් කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ 2024-04-01 දින එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය (UNRWA) හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය.

එසේම ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙනු ලැබු එම ප්‍රදානයට අමතරව ගාසාහි ළමා අරමුදලට දායක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාවගෙන් කරන ලද ඉල්ලීම අනුව ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන මේ සමඟ අත්වැල් බැඳ ගනු ලැබීය.ඒ අනුව ගාසා තීරයේ විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින ළමුන්ගේ මූලික අවශ්‍යතා සඳහා වියදම් දැරීම පිණිස එම අරමුදල් ද ඉදිරියේ දී එක්සත් ජාතින්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබා දීමට නියමිතය.

එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සලකා මෙම කාර්යය සඳහා මහජනතාවගේ සහ විවිධ සංවිධානවලින් මැයි 31 දක්වා ප්‍රදානයන් භාර ගැනීමට කටයුතු කරනු ලබන අතර ඒ අනුව ඉහත මුදලට අමතරව එදින දක්වා ලැබෙන මුදල් ද එක් කර සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...