ඇමරිකාවෙන් දරුණු තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 28, කොළඹ LNW :

ශිෂ්‍ය වීසා ලබාදීම අමෙරිකාව විසින් තාවකාලිකව නවතා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද, එම වාර්තාවල දැක්වෙන්නේ.,  ඉදිරියේදී එවැනි අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිලිබඳ පරීක්ෂාව පුළුල් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සූදානම් වන බවටයි .

තානාපති කාර්යාලවලට නියෝග කර ඇත්තේ, එතෙක් ශිෂ්‍ය වීසා සඳහා සම්මුඛ පරීක්ෂණ පවා කාලසටහන් ගත කිරීම නවත්වන ලෙසටයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ මේ සම්බන්ධයෙන් තවදුරටත් මග පෙන්වීමක් නිකුත් කරන තුරු මෙම තීරණය ක්‍රියාත්මක බවයි. 

එමෙන්ම එවැනි අයදුම්කරුවන්ගේ පරීක්ෂාව වේගවත් කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. 

මෙතෙක් සම්මුඛ පරීක්ෂණ සඳහා දින ලබාදී නොමැති අයදුම්කරුවන් ඉවත් කරන ලෙස දන්වා ඇති නමුත් දැනට දින ලබාදී ඇති අයදුම්කරුවන්ට මින් ගැටලුවක් සිදු නොවන බවද ප්‍රකාශ කර ඇත. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ රටට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉතා බැරෑරුම් ලෙස සලකා එය අඛණ්ඩව සිදු කිරීමට තිරණය කළ බවයි.
 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හා අමෙරිකාවේ වඩාත්ම වැදගත් විද්‍යාල කිහිපයක් අතර මේ වන විට ආරවුලක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමාණය ඉක්මවා වාමාංශික වී ඇති බවට කර ඇති අදහස් දැක්වීමක් හේතුවෙන්. 
 

මේ අතරතුර ට්‍රම්ප් පරිපාලනය විසින් විශ්ව විද්‍යාල සඳහා ඩොලර් මිලියන සිය ගණනක අරමුදල් ලබාදීම අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිසුන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති අතර තවත් වීසා දහස් ගණනක් අවලංගු කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ග බොහොමයක් අධිකරණ විසින් අවහිර කර ඇති බවයි.
 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත්දා හාවඩ් විශ්වවිද්‍යාලයට එරෙහිව පියවර කිහිපයක් ද ගෙන තිබුණි.

ඒ අනුව පසුගිය සතියේ, ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීමට හෝ විදේශීය පර්යේෂකයින්ට සත්කාරකත්වය සැපයීමට හාවඩ් විශ්වවිද්‍යාලයට ඇති හැකියාව අවලංගු කිරීමට තීරණය කළේය.
 

අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට කැමති විදේශීය සිසුන් සාමාන්‍යයෙන් අනුමැතියට පෙර තම මව් රටේ අමෙරිකානු තානාපති කාර්යාලයක සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් විය යුතු වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...

පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීමේ වැඩි ප්‍රවණතාවයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...