*
Friday, May 30, 2025
spot_img

Latest Posts

කැබිනට් සංශෝධන කතාවක් නෑ. අපි සාමුහිකව අපනයන ආර්ථිකයත් දියුණු කරලා ඉන්නෙ – ඇමති හඳුන්

කැබිනට් සංශෝධනයක් සිදුකරන අදහසක් ආණ්ඩුව තුළ නොමැති බවත් ඇමතිවරුන් සාමුහිකව ඉලක්ක සම්පූර්ණ කරමින් සිටින බැවින් එවැනි අවශ්‍යතාවයක් හෝ දැනට කිසිසේත්ම ඇතිවී නොමැති බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“ඇත්තටම එහෙම දෙයක් නෑ. ඔබ දැන් මේ කියනකොට තමයි මාත් බැලුවේ මොකක්ද කියලා. මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ අපිට බලය දුන්නේ අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් තුනෙන් දෙකේ බලයක්, මන්ත්‍රීවරු 159 දෙනෙක්. ඒ බලය දුන්නේ සාමුහිකව වැඩ කරන්න. අපි වැඩ කරන්නෙ සාමුහික කණ්ඩායමක් හැටියට. අපිට තනි තනි පුද්ගල ජයග්‍රහණ නෑ. පුද්ගලයින් හැටියට කපා කොටාගෙන යන එහෙම රීෂෆල් අපට නෑ. අපි ඇමති මණ්ඩලය සංශෝධනය කරනවා නම්, එහෙම නැත්නම් ඕනෙ වගකීමක් හුවමාරු කරනවා නම් ඒක කරන්නෙ සාමුහික ක්‍රියාවලියක් ඇතුළෙ. ඒක කෙරෙන්නෙ අවශ්‍යතාවයකට. අපට එහෙම අවශ්‍යතාවයක් නෑ දැන්. අපේ ඇමති මණ්ඩලය වෙනස් කරන්න වෙන කාටහරි වුවමනාවක් තියෙනවාද කියලා මට තේරෙන්නෙ නෑ”

ප්‍රශ්නය – එංජිමේ කෑලි පොඩ්ඩක් මාරුකරලා ආපහු එංජිම පොඩ්ඩක් ෆික්ස් කරන්න ඕනෙ කියලා කතාවක් …?

“එහෙම අවශ්‍යතාවයක් ඇතිවෙන හේතුවක් නැහැනෙ. අපි සාමුහිකව ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මාස හතක අටක කාලයක් අපිට ගිහිල්ලා තියෙන්නෙ. ඒ කාලය තුළ අපේ ඉලක්ක සම්පූර්ණ කරමින් අපි යනවා. ඔය ආර්ථිකය කඩාවැටිලා කිව්වා. අද වාර්තා වෙනවා 2025 පළවෙනි මාස හතරේ අපනයන ආදායම බිලියන 5.59 යි. ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තොත් අපනයන වර්ධනය වෙලා 6.9%කින්. එතකොට දැන් කර්මාන්ත ඇමතිහරි, වෙළඳ ඇමතිහරි, කෘෂිකර්ම ඇමතිහරි, වැවිලි කර්මාන්ත ඇමතිහරි කවුරුහරි වෙනස් කරන්න ඕනෙද මේකට ? අපි කණ්ඩායමේ සාමුහික ප්‍රතිඵලයක් හැටියට අපනයන ආර්ථිකය දියුණු වෙලා තියෙනවා. දැන් මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අපි අකාර්යක්ෂමද ? දූෂිතද ? එහෙනම් ඔය කවුරුත් කියන්න කලින් අපි වෙනස් වෙනවා. දැන් මොකක්ද වෙනස් වෙන්න හේතුව ?”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ සියත රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක එක්වෙමිනි.

කෙසේවෙතත් ඉදිරි මාස කිහිපය තුළ කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මීට දින කිහිපයකට පෙර ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකදී ප්‍රකාශ කර තිබිණි.

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan