ගෝඨා ගෝ ගම අරගලයට දින 50යි.අරගලය තවදුරටත් ඉදිරියට!

Date:

ගාලුමුවදොර ”ගෝඨා ගෝ ගම” අරගලයට අදට දින 50ක් සපිරෙන අතර එය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට එම විරෝධතා කණ්ඩායම් තීරණය කර තිබේ.

සිය ජන අරගලය ජයග්‍රහණය කරන තෙක් අරගලය නිමා කිරීමේ සූදානමක් නැති බව එම කණ්ඩායම් අවධාරණය කරන අතර විවිධ ක්ෂේත්‍ර වල සහය මෙම අරගලයට ලැබෙමින් ඇත.

ඒ අනුව සමාජය නියෝජනය කරන සියලුම ක්ෂේත්‍ර සමඟ සාකච්ජා කර අරගලය නව මුහුණුවරකින් ඉදිරියට රැගෙන යාමටයි අරගලයේ නියුක්ත තරුණ කණ්ඩායම් තීරණය කර ඇත්තේ.

මේ වන විටත් විශාල වෙනස්කම් රැසක් සමඟින් නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔවුන් විශාල මැදිහත්වීමක් කරමින් සිටියි.

ගාලුමුවදොර අරගල භූමියට දින 50ක් පිරීම සනිටුහන් කරමින් දිවයින පුර පිහිටි සෙසු අරගල භූමි ද ඊට සහය දක්වමින් අද දවස්සේ විවිධ විරෝධතා සංවිධානය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය ලෝක...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...