*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ආහාර හිඟය:වගාවන්ට පොහොර දෙන්න ඩොලර් මි.600ක් අවශ්‍යයි – අගමැති

කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස පොහොර සැපයීම සහතික කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ,ඊයේ (27) රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදීය.

නිසි පරිදි බැංකු මඟින් ඩොලර් නිකුත් කරන්නේ නම් පොහොර සමාගම් වලට අවශ්‍ය පොහොර ගෙන්වීම කළ හැකි බව නිලධාරීන් පෙන්වා දී ඇති අතර මේ වන විට රට තුළ ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන්නේද මෙම විදෙස් සංචිත අර්බුදයයි.

කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත, නව පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද සූදානම් බව මෙහිදී අගමැතිවරයා කියා තිබේ.

යුක්‍රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා සිටින අතර හිඟය වැඩි වන විට, වහාම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් ශ්‍රී ලංකාවේ ආහාර සැපයුම් නරක අතට හැරෙනු ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

ආහාර හිඟයට මුහුණ දීම සඳහා වගා කටයුතු ඇරඹීම වෙනුවෙන් නාගරික ප්‍රදේශවල වගා කළ හැකි උපයෝගිතා ඉඩම් හඳුනා ගන්නා ලෙස එහිදී අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan