නව පද බයිලා 02 – නිමල් ජයමාන්නගේ රන්පොට තෙලඹුව මැණිකෙට තාලයට..

0
2742
cartoon-karaoke-singer-stock-vector-image-by-©ronleishman-14002962.jpg

රම්පෙට පොරි හැලෙන්න රෙජිමයට වැදුණු දා
රනිල් ඇවිත් මැදට පැනල ෂේප් කරපු දා //

බලේ ඉන්න බැහැ ගොයියෝ රටම බණිනවා
ගමේ යන්න බැහැ දෙයියෝ ගම්මු ගහනවා
රට පනින්න බැහැ අම්මෝ මගදි නෙළනවා
එහෙම හිතපු උන්ව මෙන්න රනිල් රකිනවා

රම්පෙට පොරි හැලෙන්න රෙජිමයට වැදුණු දා
රනිල් ඇවිත් මැදට පැනල ෂේප් කරපු දා //

රටට මුවාවෙන් ඉඳගෙන ඩීල් දානවා
ලොවට මුවාවෙන් ඉඳගෙන බයිල කියනවා
නකුට පස්සෙ ගහගත් උන් ආයෙ රඟනවා
මොකට කියල බයවෙන්නද රනිල් ඉන්නවා

රම්පෙට පොරි හැලෙන්න රෙජිමයට වැදුණු දා
රනිල් ඇවිත් මැදට පැනල ෂේප් කරපු දා //

– අඟුලානේ කුමා