ස්වෛරීය විදේශ විනිමය බැඳුම්කර ණය ආපසු නොගෙවූ පසු සිදුවිය හැකි, එහෙත් බොහෝ දෙනෙකුට නොතේරෙන සත්‍යය

Date:

ස්වෛරීය විදේශ විනිමය බැඳුම්කර ණය ආපසු නොගෙවීම පිළිබඳ විවිධ මතිමතාන්තර ගොඩනැඟෙමින් තිබෙන මුත්, එම සිදුවීම තුළ ඇති බොහෝ දෙනෙකුට අවබෝධ නොවන සත්‍යයක් පවතී.

ස්වෛරීය විදේශ විනිමය බැඳුම්කර ණය ආපසු නොගෙවීම මත;

  • රට පිළිබඳව විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම අහිමි වීම
  • ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වලින් රටේ ශ්‍රේණිය පහත වැටීම
  • සෘජු විදේශ ආයෝජකයන්ගේ ආයෝජන අත්හිටුවීම
  • නව විදේශ විනිමය ණය ලබා ගැනීමට නොහැකි වීම
  • බැංකුවලට ණයවර ලිපි විවෘත කිරීමට සහ විදේශ විනිමය ගනුදෙනු සිදුකිරීමට නොහැකි වීම
  • දේශීය බැංකු සහ ව්‍යාපාරික ආයතනවල විදේශ විනිමය අරමුදල් සීමා කෙරෙනු ලැබීම
  • විදේශ විනිමය අරමුදල් හරහා ඉදිකෙරෙන යටිතල පහසුකම් ව්‍යාපෘති නතර වීම
  • බොහෝ විදේශ විනිමය ණය හිමියන් ශ්‍රී ලංකා රජයට එරෙහිව නඩු පැවරීම
  • ලෝකයේ විවිධ ප්‍රදේශවල නඩු සඳහා පෙනී සිටීමට ශ්‍රී ලංකා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම
  • ණය ප්‍රතිව්‍යූහගත කර ඇති විදේශ විනිමය ණයහිමියන් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමටත් ඉල්ලා බලපෑම් කිරීම නිසා, බරපතල සමාජ-ආර්ථික ගැටළු මතුවීම
  • ආනයනය පදනම් කරගත් කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සහ ව්‍යවසායකයින් කඩා වැටීම
  • ලක්ෂ ගණනකගේ ජීවනෝපායන් අහිමිවීම
  • උද්ධමනය පාලනයෙන් තොර වීම
  • පොලී අනුපාත තියුණු ලෙස ඉහල යාම
  • මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම (මුදල් මුද්‍රණය කිරීම) සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවීම
  • ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම
  • වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු රජයේ ගෙවීම් සිදුකිරීම ප්‍රමාද වීම

ඉහත කී ඇතැම් දේ දැනටමත් සිදුවෙමින් පවතින අතර, නොබෝ කලකින් අනෙකුත් ප්‍රතිඵල ද සිදුවීමට ඉඩ ඇති බව අප හොඳින් තේරුම් ගත යුතුය.

මීට ඉහත සේවය කළ මුදල් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරුන් සහ භාණ්ඩාගාර ලේකම්වරුන් ඉතාම අසීරුවෙන් වුව ද නියමිත වේලාවට සියලුම ගෙවීම් කිරීමට කටයුතු කරන ලද්දේ ඒ නිසා විය යුතුය.

මක්නිසාද යත්, රජයක් ණය පැහැර හැරියහොත්, රට සහ ආර්ථිකය කළමනාකරණය කිරීම නොහැකි විය හැකි බව ඔවුන් හොඳින් තේරුම්ගෙන සිටින්නට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...