හෙට විභාගයට මුහුණ දෙන සිසුනට ඔවදනක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ, සභාපති, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා විසින් හෙට දිනයේ අ.පො.ස. සාපෙ.ළ විභාගයට පෙනීසිටින දරුවන් හට විශේෂ උපදෙස් කිහිපයක් ලබාදුනි.

“විභාගයට මුහුණදෙන දරුවන්ට, මේ වෙලාවේ කරන්න ඕන පියවර කිහිපයක් තියෙනවා. තමන් කලින් පාඩම් කරලා නැති හදිසියේ ඔළුවට එන දෙයක් අලුතින් පාඩම් කරන්න මේ වෙලාවේ උත්සාහ කරන්න එපා. එතකොට ඒකට වැඩිපුර වෙලාවක්, ශ්‍රමයක් ගතවෙනවා. ඊට වැඩිය හොඳයි කලින් ඉගෙන ගෙන තියෙන, කලින් බලාගත්ත දෙයක් නැවත මේ වෙලාවේ බලාගන්න එක. දිගු කාලීන මතකයේ තොරතුරු ටික නැවත කෙටි කාලීන මතකයට එන්න ප්‍රමාද වෙන හින්දා හැමදාම විනාඩි දෙකක් හෝ පහක් හිත සන්සුන් කරන ව්‍යායාමයක් කරන එක බොහෝම හොඳයි. ගෙදර වටේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. හිමින් ගලායන සිංදුවකට සවන් දෙන එක. විනාඩි කිහිපයක් කෙටි ආගමික කටයුත්තක නිරතවෙනවා වගේ හිත සන්සුන් කරන ව්‍යායාමයක් කරන්න පුළුවන්. අලුත් පැන්සල් පෑන් අරන් යනවාට වැඩිය තමන් පාවිච්චි කරලා පුරුදු ඔරලෝසුවක්, පෑනක්, පැන්සලක් ලෑස්ති කරගෙන යන එක බොහෝම හොඳයි. ආතතිය පොඩ්ඩක් අඩුකර ගන්න එක පාරටම අපේ අත යන්න පුළුවන් අපේ ස්මාර්ට් ෆෝන් දුරකථනයට. ඒකේ ඉක්මනින් විද්‍යුත් තිරය වෙනස්වෙන නිසා අපේ දිගු කාලීන මතකයට තොරතුරු එකතුවීම ටිකක් අඩපණ වෙන්න පුළුවන්.”

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වන අතර ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන මේවන විටත් සුදානම් පවතින අතර ,ඩෙංගු පාලන පියවරද ක්‍රියාවට නංවා ඇත. හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වෙයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට නියමිත විභාගය සඳහා අපේක්ෂකයින් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනීසිටීමට නියමිතය.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...