*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ජීවන මාධ්‍යට සමු දුන් රත්නා.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රී ලංකාවේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යවේදිණියක ලෙසින් මෙන්ම කැපීපෙනෙන නිවේදිකාවක ලෙසින් ද ජනාදරයට පත් රත්නා පුෂ්පකුමාරි කලක පටන් රෝගාතුරව සිට සිය ජීවන ගමනට සමු දී ඇත.

ශ්‍රී ලංකා ජනතාශ්වාදයේ හදවත් තුළ ඇය සදා මතකයක් වනුයේ , ඇය සුවිශේෂී මාධ්‍යවේදිණියක වන නිසාවෙනි .ඒ ගුවන්විදුලි, රූපවාහිනිය සේම පුවත්පත ද යන තුන් මාධ්‍යයේම කැපීපෙනෙන මෙහෙවරක නියැලුණ ශිල්පිණියක වූ නිසාය.

ධෛර්යයෙන් ජීවිතය දිනාගත් ඇය , කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් ශිල්ප ලබා මාධ්‍ය ලෝකයට එක්වන සියල්ලන් වෙත අස්වැසිල්ලක් වෙමින් සැමදා වදන් ජනගත කළ ශූර නිවේදිකාවක විය. කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය පාසැල් සමයේම නාට්‍ය ඇතුළු කලා ක්ශේත්‍රයට එක් වූ අතර ඇගේ  මව මෙන්ම කාව්‍යකරණයට ද දක්ෂතා දැක්වූවා සේම පාසැල අවදියේම ගුවන්විදුලි ළමා වැඩසටහන් සඳහා ද සම්බන්ධ වී ඇත.

ඉන්පසුව ජර්මානු සංස්කෘතික ආයතනය මගින් පැවැත්වුණු නාට්‍ය පාඨමාලාවක් ද ඇය හැදෑරූ අතර ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි අද්‍යතන ප්‍රවීණයන් එකල එහි ඇගේ සමකාලීන ශිෂ්‍යයන් ය. 1979 වසරේ ළමා නාට්‍යයක්  නිෂ්පාදනය කරමින් ප්‍රකට වේදිකාවට අවතීර්ණ වන ඇය 1982 වසරේ ගුවන්විදුලි සංස්ථාවට එක්වනුයේ සහාය වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙසිනි. පසුව 1985 වන විට එහිම සහන නිවේදිකාවක් වූ ඇය පසුව 1988 වන විට ජාතික රූපවාහිනියට ද තේරී පත්වූ අතර වසර ගණනාවක්  වැඩසටහන් හා ප්‍රවෘත්ති ඉදිරිපත් කළාය.

  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සේම ස්වාධීන රූපවාහිනී සේවයේ යන ආයතන තුනෙහිම සමකාලයක ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස සේවය කළ ඇයගේ එම වාර්තාව  සම වන්නේ මයුරි අබේසිංහයන්ට පමණක් දැයි සිතේ. ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් 15 වසරක් පමණ අඛණ්ඩව කටයුතු කළ ඇය එදා මෙදාතුර මාධ්‍ය නාලිකා ගණනාවකම විවිධ වූ තනතුරු රැසක් ද හොබවා ඇත.

ළමා වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් එම නාට්‍ය ඔස්සේ අන්තර්ජාතික තරඟාවලි හා උත්සව රැසක්  නියෝජනය කොට සම්මානිත භූමිකාවක් හොබවන ඇය මේ වන විටත් ලෝක නාට්‍ය ආයතනයේ නාට්‍යවේදින්ගේ සංගමයේ  උප සභාපතිනිය ලෙස ද විදෙස් චන්දයෙන් පත්වූයේ ස්පාඤ්ඤයේ පැවති අන්තර්ජාතික කොන්ග්‍රසයේදීය.

පුවත්පත් ලිපි පන්දහසක් පමණ ලියා ඇති ඇය මේ වන විට මනෝ විද්‍යාව, පෞරුෂ සංවර්ධනය, නාට්‍යවේදය සහ නිවේදන කලාව වැනි විෂය ගණනාවකට සබැඳි කෘති 18ක් පමණ ද රචනා කොට ඇත. එමෙන්ම මනෝ විද්‍යා උපදේශිකාවක ලෙස ද වත්මන සිය භූමිකා පරාසය විහිදුවන ඇය මානව හැකියා  ප්‍රවර්ධන විශේෂඥවරියක හා අභිප්‍රේරන දේශිකාවක ලෙස ද කටයුතු කරන්නීය.

ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ වසර 25 ක් අධ්‍යක්ෂිකා ලෙසද  කටයුතු කරමින් විවිධ ඇගේ විෂය ක්ශේත්‍රයේ  ලක්ෂ සංඛ්‍යාත සිසු නියැදියක් මේ වන විටත් දැයට දායාද කළ ඇය මේ වන විට සුබ TV නමින් ඇගේම Youtube නාලිකාවක් ද පවත්වාගෙන යන්නීය.

රත්නා පුෂ්පකුමාරි නම් වූ සුවිශේෂී නිරහංකාර මාධ්‍ය සහෝදරිය ඔබ කළ සේවයට ස්තුතියි . ඔබට සුබ ගමන් !!!
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan