*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන සර්ව පාක්ෂික සාකච්ඡාව

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත සාර්ථක වීමට නම් නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරයේ අඩුපාඩු පියවීම වැදගත් බව සර්ව පාක්ෂික සාකච්ඡාවකට එක්වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අවධාරණය කළෝය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයන්, පක්ෂ ලේකම්වරුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) පහුගිය බ්‍රහස්පතින්දා (මැයි 25දා) පාර්ලිමේන්තුවේ දී පවත්වන ලදී. 

පනත් කෙටුම්පතේ ඇති මූලික කරුණු පැහැදිලි කර, එහි සිදු විය යුතු වැඩිදියුණු කිරීම් පිලිබඳ දැනුම්වත් කිරීම සහ පාර්ලිමේන්තුවේ නිසි කලට සම්මත කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම මෙහි අරමුණ විය.  

දූෂණ විරෝධී පනත් කෙටුම්පත දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බලමින් පවතින බැවින් ඒ පිළිබඳ ව නිසි සැලකිල්ලක් හා ගරු කිරීමක් සහිතව මෙම වැඩසටහන පැවැත්විය.   

යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රගතිශීලී විධිවිධාන රැසක් ඇති බවට එකඟ වන අතරම, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ එහි යෝජනා කර ඇති දූෂණය වළක්වන යාන්ත්‍රණයන්ට පවතින දූෂිත ක්‍රමය බිඳ දැමීමට හැකි බව සහතික කිරීම ඉදිරියේ ඇති සැබෑ අභියෝගය බවයි.

මෙම අවස්ථාවට රජය පාර්ශවයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහභාගී විය. විපක්ෂය සහ අනෙකුත් ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, SJB පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, සහ මයන්ත දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්දිම වීරක්කොඩි, සහ වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුන් සහභාගි වූහ.

“දූෂණ විරෝධී නීතිය හැකි උසස්ම තත්වයෙන් යුතුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටත්, එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමටත් මම සියලු පක්ෂ සහයෝගය ඉල්ලා සිටිමි. දැන් මෙම පනත් කෙටුම්පතේ ඉදිරි වගකීම පාර්ලිමේන්තුව සතු වේ. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති රාමුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම පනත් කෙටුම්පත යොදා ගනිමින්, ක්‍රම වෙනසක් සඳහා ඔබේ කැපවීම පෙන්නුම් කිරීමට ඔබට ඓතිහාසික අවස්ථාවක් ලැබී තිබේ. මෙම අවස්ථාවේ ජනතාව එය තදින්ම ඉල්ලා සිටින බව අමතක නොකරන්න,” නදිශානි පෙරේරා, විධායක අධ්‍යක්ෂිකා, TISL අවධාරණය කළාය.

පනත් කෙටුම්පතේ යෝජනා කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි සහ මධුර විතානගේ පෙන්වා දුන්නේ එවායේ දක්වා ඇති තොරතුරු සත්‍යාපනය කිරීම විශාල කාලයක්, සම්බන්ධීකරණයක් සහ මූල්‍ය ආයෝජනයක් අවශ්‍ය වන සංකීර්ණ කාර්යයක් බවයි.

මෙහිදී TISL ආයතනයේ උපදේශක සහ පර්යේෂණ කළමනාකරු ජනිත‍්‍රිකා ජයසුන්දර පැහැදිලි කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) වෙනත් අදාළ ආයතන සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශනවල  ඇති තොරතුරු නිවැරදි බව පරීක්ෂා කිරීමට යෝජිත පනතෙන් අවසර ඇති බවත්, එහි යෝජනා කරන පරිදි, විද්‍යුත් පද්ධතිය ස්වයංක්‍රීයවම නීති විරෝධී පොහොසත්වීම් සම්බන්ධයෙන් සැක සහිත තැන් ඉස්මතු කර පෙන්වනු ඇති බවත් ය.  

හොඳින් ජාලගත වී සිදු කරන දූෂණ ක්‍රියා  පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රශ්න කළේය. අපරාධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා නීතිපති කාර්යාලය විසින් ඉල්ලා අස්කර ගැනීම මෑත කාලයේ නිතර දක්නට ලැබෙන ගැටලු සහගත ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පෙන්වා දෙන ලදී. රජයේ නඩු සම්බන්ධව ස්වාධීන කාර්යාලයක්  පිහිටුවීම මෙයට විසඳුමක් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මෙහිදී පෙන්වා දෙන ලදී.  

මන්ත‍්‍රීවරුන් නැගූ කරුණු වලට ප‍්‍රතිචාර දක්වමින් TISL ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා සංඛිතා ගුණරත්න පෙන්වා දුන්නේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත මගින් දූෂණ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ආමන්ත්‍රණය නොකරන නමුත් එය හොඳ ආරම්භයක් වනු ඇති බවත්ය. රටේ දැනට පවතින දූෂණ විරෝධී නීති යල් පැන ගිය එවා බව ඇය තවදුරටත් පැවසුවාය. මෙම පනත් කෙටුම්පතෙන් පසුව, තවත් නව නීති කිහිපයක්, විශේෂයෙන් සොරාගත් වත්කම් නැවත ලබා ගැනීම සහ රජයේ ප්‍රසම්පාදන කටයුතු ආවරණය වන පරිදි, ගෙන ආ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

TISL ආයතනයේ උපදේශක සහ පර්යේෂණ නිලධාරිනී ලසන්තිකා හෙට්ටිආරච්චි පනත් කෙටුම්පතේ විෂය පථය යටතේ එන නව වැරදි පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කළාය.

සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ජාතික සාම කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා සහ සර්වෝදය ආයතනයේ නිශාන්ත ප්‍රීතිරාජ් මෙම අවස්ථාවට සහභාගී විය. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan