සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ නියෝජිත පිරිසක් මෙරට සංචාරයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හයදෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණ වන අතර, ආගමන විගමන,වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට මෙය බෙහෙවින් දායක වනු ඇත.

ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කරනු ලැබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජිත පිරිස එම වාර්තාව මසක් ඇතුළත ලබාදෙන බව පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

සමහරුන්ට ඕනෙ ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි පරිණතයි – ඇමති බිමල්

නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට චෝදනා කිරීමට උත්සාහ...

ට්‍රම්ප්ගේ “Board of Peace” සඳහා රුසියාවෙන් බිලියනයක ආයෝජනයක්!

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...