සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ නියෝජිත පිරිසක් මෙරට සංචාරයක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හයදෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණ වන අතර, ආගමන විගමන,වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට මෙය බෙහෙවින් දායක වනු ඇත.

ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කරනු ලැබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජිත පිරිස එම වාර්තාව මසක් ඇතුළත ලබාදෙන බව පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...