වෙනත් කණ්ඩායම්වල අයත් අරගෙන මාලිමාව පුළුල් කරනවා. කොළඹ බලය අපි පිහිටුවලා ඉවරයි – ඇමති ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය පුළුල් කිරීමේ කටයුතු සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ද අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ අනුව වෙනත් පාර්ශ්වයන් ද සම්බන්ධ කරගෙන ජාජබට බහුතරය හිමි සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපි 50% ට වඩා මන්ත්‍රී සංඛ්‍යාවක් ගත්ත ආයතන කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. ඒවා අනිවාර්යයෙන්ම අපි නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති පත්කරලා යවනවා. ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ. ඊළඟට තියෙන්නෙ අපි බහුතරය අරගෙන තියෙනවා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තනි පක්ෂයක් විදියට අරගෙන තියෙනවා. හැබැයි සමහර තැන්වල තියෙනවා අර විපක්ෂය කියන එක – අලුත් පක්ෂයක් තියෙනවානෙ විපක්ෂය කියලා – ඒ ටික ඔක්කොම එකතු කළාම අපේ සංඛ්‍යාවට වඩා වැඩිතැන් තියෙනවා එකතුව. එතකොට ප්‍රජාතන්ත්‍රවාදීව අපට අයිතිය වැඩියි, ජනතාව අයිතිය දීලා තියෙනවා එවැනි තැන්වල බලය පිහිටුවන්න. අනිත් අයට ඒ අයිතිය දීලා නෑ. අනිත් අය උත්සාහ කරනවා නම් අපිට බහුතරය තියෙද්දී ඒගොල්ලො පොඩ්ඩ පොඩ්ඩ තියෙන අය එකතුවෙලා සභාපතිකම් උපසභාපතිකම් අරන් බලය පිහිටුවන්න, ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඒ නිසා අපි බහුතරය ගත්තු සෑම ආයතනයකම තවත් අය සම්බන්ධ කරගෙන බලය පිහිටුවනවා. ජාතික ජන බලවේගය කියන එක පුළුල් කරලා ඉවර නෑ තාම. අපි ජනාධිපතිවරණය දිනුවා, මහමැතිවරණය දිනුවා, පළාත් පාලන මැතිවරණය දිනුවා කියන තැනට එනකොට එන්පීපී එක පුළුල් කරලා ඉවර නෑ. මේක තව අපි පුළුල් කරනවා. තව එක එක ක්‍රම අනුව තව පුළුල් කරනවා”

ප්‍රශ්නය – කොළඹ මහ නරගසභාවේ බලය ගැන හැමෝම වැඩි අවධානයක් යොමුකරනවා ?

“ඔව්, කොළඹ බලය අපි ගොඩනගලා ඉවරයි. ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න විතරයි තියෙන්නෙ. අපි නගරාධිපති තෝරලා ඉවරයි. අපට නීත්‍යානුකූල කටයුතු කරන්න විතරයි තියෙන්නෙ. කොළඹ පුරපති අපේ ව්‍රායි බල්තසාර් සහෝදරිය. ඒක පිළිබඳ ආයෙ කතා දෙකක් නෑ. අපි අභ්‍යන්තරිකව ඒ කටයුතු කරගෙන ඉවරයි”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...