ඇමරිකානු විශ්ව විද්‍යාලවලට චීන සිසුන්ට ඇතුළුවීම තහනම්; විසා අවලංගු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට අපේක්ෂාවෙන් සිටි හා අධ්‍යන කටයුතු කරමින් සිටී චීන ජාතික සිසුන්ගේ වීසා වලංගු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නිවේදනය කර තිබේ.

චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමේ එක්සත් ජනපද පියවරට බීජිනය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර කෙසේ නමුත්, චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් බදාදා පැවසුවේ බීජිනය වොෂින්ටනයෙන් ඉල්ලා තිබුණේ, චීන සිසුන් ඇතුළු ජාත්‍යන්තර සිසුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරන ලෙසයි.

2023-24 අධ්‍යයන වර්ෂය තුළ පමණක් චීන සිසුන් 277,398 ක් ඇමරිකානු විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමුවී ඇති අතර මෙය ඇමරිකානු විශ්ව විද්‍යාල වලට මහත් පාඩුවක් වනු ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද විද්වතුන් සඳහන් කරන්නේ මෙය ආචාර්යවරුන් හා සිසුන්ට මහත් පීඩනයක් වන බවත්, මෙමඟින් එක්සත් ජනපද විශ්ව විද්‍යාලවලට වන හානිය සුළුපටු නොවන බවත්, එය නැවත හැරවිය නොහැකි වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...